Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 30:17 - Sinhala Revised Old Version

17 දෙවියන්වහන්සේ ලෙයාට කන්දුන්සේක, ඈ ගර්භිණීව යාකොබ් නිසා පස්වෙනි පුත්‍රයෙකු බිහිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 දෙවියන් වහන්සේ ලෙයාට සවන් දුන් සේක; ඈ ගැබ්ගෙන ජාකොබ්ට දාව පස් වන පුතෙකු ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 දෙවියන් වහන්සේ ලෙයාට සවන් දුන් සේක; ඈ ගැබ්ගෙන ජාකොබ්ට දාව පස් වන පුතෙකු ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 30:17
8 හුවමාරු යොමු  

යාකොබ් සවස් වේලෙහි කෙතෙන් එද්දී ලෙයා ඔහු සම්බවෙන්ට ගොස්: ඔබ මා කරා පැමිණෙන්ට ඕනෑය; මක්නිසාද මාගේ පුත්‍රයාගේ දුදායිම්වලින් ඔබ සැබවින් කුලියට ගත්තෙමියි කීවාය. ඔහු එදා රාත්‍රියෙහි ඈ සමඟ සයනය කෙළේය.


මාගේ දාසිය මාගේ පුරුෂයාට මා විසින් දුන් හෙයින් දෙවියන්වහන්සේ මාගේ කුලී මට දුන්සේක කියා ලෙයා ඔහුට ඉස්සාඛර් යන නාමය තැබුවාය.


දෙවියන්වහන්සේ රාඛෙල් සිහිකොට ඈට කන්දී ඈ ගර්භිණී වෙන්ට සැලැස්වූසේක.


රාඛෙල් දෙවියන්වහන්සේ මා විනිශ්චයකොට මාගේ හඬත් අසා පුත්‍රයෙකු මට දුන්සේකැයි කීවාය. එහෙයින් ඈ ඔහුට දාන් යන නාමය තැබුවාය.


තවද ස්වාමීන්වහන්සේ කථාකොට: මිසරයේ වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින්ම දුටිමි, ඔවුන්ගේ විධානවරුන් නිසා ඇති ඔවුන්ගේ මොරගැසීම ඇසීමි; මක්නිසාද ඔවුන්ගේ දුක් දනිමි;


නුමුත් දේවදූතයා ඔහුට කථාකොට: සෙකරියස්, භය නොවන්න. මක්නිසාද නුඹේ කන්නලව්ව අසනලද්දේය, නුඹේ භාර්යාවවූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු බිහිකරන්නීය, ඔහුට යොහන් යන නම තබන්න.


තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඈ: මා ස්වාමීන්වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැයි කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්