Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 3:11 - Sinhala Revised Old Version

11 උන්වහන්සේ: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 3:11
5 හුවමාරු යොමු  

කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.


උන්වහන්සේ: නුඹ කුමක් කෙළෙහිද? නුඹේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය භූමියෙන් මට හඬගසයි.


මේවා නුඹ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් නුඹට සමානයයි සිතුයෙහිය. එහෙත් නුඹට තරවටුකරන්නෙමි, නුඹේ ඇස් හමුවෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.


ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය.


මනුෂ්‍යයාද: මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්