Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 29:6 - Sinhala Revised Old Version

6 ඔහු සුවසේ සිටීදැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. සුවසේ සිටියි. අන්න, බැටළුවන් සමඟ අර එන්නී ඔහුගේ දියණියවූ රාඛෙල්යයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එවිට ජාකොබ් ඔවුන් අමතමින්, “ඔහු සුව සේ සිටී දැ”යි ඇසූ විට, “ඔහු සුව සේ සිටියි. අර බැටළුවන් සමඟ එන්නී ඔහුගේ දියණිය වන රාකෙල් ය”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එවිට ජාකොබ් ඔවුන් අමතමින්, “ඔහු සුව සේ සිටී දැ”යි ඇසූ විට, “ඔහු සුව සේ සිටියි. අර බැටළුවන් සමඟ එන්නී ඔහුගේ දියණිය වන රාකෙල් ය”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 29:6
8 හුවමාරු යොමු  

යෝවාබ් අමාසාට කථාකොට: මාගේ සහෝදරය, නුඹ සුවසේ සිටිනෙහිදැයි අමාසාට කියා ඔහු සිඹින්ට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේය.


දාවිත් යෞවනයන් දස දෙනෙකු යවමින්: නුඹලා කර්මෙල්ට ගොස්, නාබල් ළඟට පැමිණ, මාගේ නාමයෙන් ඔහුගේ සැප සනීප අසා,


දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.


මෝසෙස් තමාගේ මාමාගේ පෙරමගට ගොස් වැඳ ඔහු සිඹගත්තේය; ඔව්හු එකිනෙකාගේ සුවදුක් විචාරා කූඩාරමට ඇතුල්වූවෝය.


ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: නුඹලා කී මහලු මනුෂ්‍යයාවූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය.


ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.


ඔහුද: තවම දහවල්ය, ගවයන් රැස් කිරීමට කල් නොවෙයි. බැටළුවන්ට වතුර පොවාගෙන ගොස් උන්ට කවන්නැයි කීය.


ඔහු ළිඳක් ළඟ හිඳගත්තේය. මිදියන්හි පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. ඔව්හු අවුත් තමන් පියාගේ එළු බැටළු රැළට පොවන පිණිස වතුර ඇද ඔරුවල පිරෙවුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්