Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 29:35 - Sinhala Revised Old Version

35 ඈ නැවතද ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: මේ වතාවේ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෙමියි කීවාය. එබැවින් ඈ ඔහුට යූදා යන නාමය තැබුවාය; ඇගේ බිහිකිරීම නැවතුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ, “දැන් මම සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමි”යි කියමින් ඔහුට ජුදා යන නම දුන්නා ය. ඉන්පසු ඇගේ ගැබ් ගැනීම නැවතිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ, “දැන් මම සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමි”යි කියමින් ඔහුට ජුදා යන නම දුන්නා ය. ඉන්පසු ඇගේ ගැබ් ගැනීම නැවතිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 29:35
13 හුවමාරු යොමු  

ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය;


යූදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත්වුණේය, ඔහුගෙන් අධිපතියා පැවතආයේය; නුමුත් කුලුඳුල්කම යෝසෙප්ට අයිතිය.)


යූදාගේ ආශීර්වාදය මේය: ඔහු කියනුයේ– ස්වාමීන්වහන්ස, යූදාගේ හඬ අසා, ඔහුගේ සෙනඟ වෙතට ඔහු ගෙන ආවමැනව. ඔහු සියතින් තමා උදෙසා පොර බැදුවේය; ඔහුගේ එදිරිකාරයන්ට විරුද්ධව ඔබ ඔහුට පිහිටක් වනසේකැයි කීය.


ලෙයාගේ දාසීවූ ශිල්පාගේ පුත්‍රයෝ ගාද් සහ ආෂෙර්ය. පදන්-අරාමේදී යාකොබ් නිසා උපන් පුත්‍රයෝ මොව්හුය.


යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.


යූදාගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


ඒ මනුෂ්‍යයන්ගේ නාම මේවාය: යූදා ගෝත්‍රයෙන් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ය.


ලෙයාද තමාගේ වැදීම නැවතුණු බව දුටු කල තමාගේ දාසීවූ ශිල්පා භාර්යා කොට යාකොබ්ට පාවාදුන්නාය.


රූබෙන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා යූදාට එකක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්