Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 29:34 - Sinhala Revised Old Version

34 නැවත ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: ඉතින් මාගේ පුරුෂයා නිසා පුත්‍රයන් තුන්දෙනෙකු බිහිකළ බැවින් ඔහු මේ වතාවේ මට ඇලුම්වේයයි කීවාය. එබැවින් ලෙවී යන නාමය ඔහුට තබනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ඈ නැවතත් පුතෙකු ලැබුවා ය. “මා මාගේ ස්වාමි පුරුෂයා හට පුතුන් තිදෙනෙකු දුන් බැවින් දැන් වත් ඔහු මට ඇලුම් වන්නේ ය” කියා ඈ ඔහුට ලෙවී යන නම තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ඈ නැවතත් පුතෙකු ලැබුවා ය. “මා මාගේ ස්වාමි පුරුෂයා හට පුතුන් තිදෙනෙකු දුන් බැවින් දැන් වත් ඔහු මට ඇලුම් වන්නේ ය” කියා ඈ ඔහුට ලෙවී යන නම තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 29:34
11 හුවමාරු යොමු  

ඈ: දෙවියන්වහන්සේ උතුම් දායාදයක් මට දී තිබේ; මාගේ පුරුෂයා නිසා මා පුත්‍රයන් සදෙනෙකු බිහිකළ බැවින් ඔහු මා සමඟ වසන්නේය කියා ඔහුට සාබුලොන් යන නාමය තැබුවාය.


තවද තුන්වෙනි දින ඔවුන් ගායව සිටි කල්හි යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් දෙදෙනෙක් වූ දීනාගේ සහෝදරයෝ වූ සිමියොන්ද ලෙවීද තමුන්ගේ කඩු රැගෙන හදිසියෙන් නුවරට වැද සියලු පිරිමින් මැරුවාහ.


ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.


මනුෂ්‍යයා තමාගේ භාර්යාවවූ ඒව හැඳින්නේය; ඈ ගර්භිණීව කායින් බිහිකර: ස්වාමීන්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි කීවාය.


ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.


තවද ලෙවීගේ වංශයේ මනුෂ්‍යයෙක් ගොස් ලෙවීගේ දුවක් පාවාගත්තේය.


සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්