Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 29:3 - Sinhala Revised Old Version

3 සියලු බැටළු රැළවල් එතැනට රැස්කර, ළින් කටින් ගල අහකට පෙරළා, බැටළුවන්ට වතුර පොවා ගල ළින් කටෙහි තිබුණු තැන්හිම නැවත තබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 බැටළු රැළවල් සියල්ල ම එතැනට එකතු වූ විට, එඬේරු ළිං කටින් ගල පෙරළා බැටළුවන්ට වතුර දුන් පසු, ළිං කටේ තිබූ තැන ම ගල නැවත තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 බැටළු රැළවල් සියල්ල ම එතැනට එකතු වූ විට, එඬේරු ළිං කටින් ගල පෙරළා බැටළුවන්ට වතුර දුන් පසු, ළිං කටේ තිබූ තැන ම ගල නැවත තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 29:3
6 හුවමාරු යොමු  

ඔහු බලා, කෙතෙහි තිබෙන ළිඳක් සහ ඒ ළඟ ඉන්න බැටළු රැළවල් තුනක්ද දුටුවේය; මක්නිසාද ඒ ළිඳෙන් බැටළු රැළවලට වතුර දෙනලදී. ළින් කට උඩ තිබුණු ගලද මහත්ය.


එවිට යාකොබ්: මාගේ සහෝදරයිනි, නුඹලා කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. අපි හාරාන් සිට ආවෙමුයයි ඔව්හු කීවෝය.


එඬේරු අවුත් ඔවුන් එළෙවුවෝය. එහෙත් මෝසෙස් නැගිට ඔවුන්ට උපකාර කොට ඔවුන්ගේ සිව්පාවුන්ට වතුර පෙවුවේය.


දුනුවායන්ගේ ඝෝෂාවෙන් ඈත දිය අදින තැන්වලදී, ඔව්හු ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා එනම් ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ ආණ්ඩුවේ ධර්මිෂ්ඨ ක්‍රියා පවසන්නෝය. එකල ස්වාමීන්වහන්සේගේ සෙනඟ දොරටුවට බැස්සෝය.


මාගේ සහෝදරී, මාගේ මනමාලී, වැටකින් වටකළ උයනක්ය, වසා තිබෙන ළිඳක්ය, මුද්‍රාකර තිබෙන උල්පතක්ය.


සියලු රැළවල් එක්වෙන තුරු අපට නුපුළුවන, එවිට ළින් කටින් ගල අහකට පෙරළුවාම අපි බැටළුවන්ට වතුර පොවමුයයි ඔව්හු කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්