Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 26:33 - Sinhala Revised Old Version

33 ඔහු ඊට ෂීබා යන නම තැබීය. එබැවින් ඒ නුවර නම අද දක්වා බෙයර්-ෂෙබාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ඔහු එය ෂිබා යන නමින් හැඳින් වී ය. එබැවින් අද දක්වා ම ඒ නගරයේ නම බෙයර්-ෂෙබා වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඔහු එය ෂිබා යන නමින් හැඳින් වී ය. එබැවින් අද දක්වා ම ඒ නගරයේ නම බෙයර්-ෂෙබා වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 26:33
6 හුවමාරු යොමු  

ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.


එහෙයින් ඔහු ඒ ස්ථානයට බෙයර්-ෂෙබායයි නම් තැබීය. එසේ කළේ ඔවුන් දෙදෙනා එතැන්හිදී දිවුළ බැවින්ය.


ඔව්හුද: ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටින බව අපි පැහැදිලි ලෙස දුටිමු. එබැවින් අප අතරෙහි එනම් අප සහ නුඹ අතරෙහි දිවුරුමක් වේවා;


තවද එම දවසේ ඊසාක්ගේ වැඩකරුවෝ අවුත් තමන් හෑරූ ළිඳ ගැන ඔහුට දන්වමින්: අපට වතුර සම්බවීයයි කීවෝය.


හශර්-ෂුවාල්හිද බෙයෙර්-ෂෙබාහි සහ ඒකේ ගම්වලද;


මා සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය. නුමුත් බෙතෙල් නොසොයන්න, ගිල්ගාල්ට ඇතුල් නොවෙන්න, බෙයර්-ෂෙබාට නොයන්න. මක්නිසාද ගිල්ගාල් සැබවින් වහල්කමට යනවා ඇත, බෙතෙල්ද හිස්කමට පැමිණෙවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්