Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 26:11 - Sinhala Revised Old Version

11 අබිමෙලෙක් තමාගේ මුළු සෙනඟට අණකරමින්: මේ මනුෂ්‍යයාටවත් ඔහුගේ භාර්යාවටවත් අතගසන තැනැත්තේ ඒකාන්තයෙන් මරනු ලබන්නේයයි කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 තවද රජ තෙම, “යමෙක් මේ මිනිසාට හෝ ඔහුගේ භාර්යාවට හෝ අත තැබුවහොත් ඇත්තෙන් ම ඔහු මරනු ලැබේ ය” කියා නියෝගයක් සිය සෙනඟට පැණ වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 තවද රජ තෙම, “යමෙක් මේ මිනිසාට හෝ ඔහුගේ භාර්යාවට හෝ අත තැබුවහොත් ඇත්තෙන් ම ඔහු මරනු ලැබේ ය” කියා නියෝගයක් සිය සෙනඟට පැණ වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 26:11
5 හුවමාරු යොමු  

මාගේ අභිෂේකලද්දවුන්ට අත නොගසව්, මාගේ අනාගතවක්තෘවරුන්ට හිංසා නොකරව්යයි කීසේක.


දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, නුඹේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් නුඹ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට නුඹට ඉඩනෑරියෙමි.


තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය.


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුනායින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.


ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් සියයක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්