Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 25:32 - Sinhala Revised Old Version

32 ඒසව්ද: බලව, මම මරණාසන්නව සිටිමි. මේ කුලුඳුල්කමෙන් මට කවර ප්‍රයෝජනයක් වන්නේදැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 එවිට ඒසව් පිළිතුරු දෙමින්, “මම දැන් මරණාසන්න ව සිටිමි. කුලුඳුල්කමේ උරුමයෙන් මට කුමන වැඩක් දැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 එවිට ඒසව් පිළිතුරු දෙමින්, “මම දැන් මරණාසන්න ව සිටිමි. කුලුඳුල්කමේ උරුමයෙන් මට කුමන වැඩක් දැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 25:32
8 හුවමාරු යොමු  

නුඹලා කථාකොට: දෙවියන්වහන්සේට සේවයකිරීම නිෂ්ඵලය. අපි උන්වහන්සේගේ නියමය පවත්වා, සේනාවල ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශෝකලෙස හැසුරුණායින් ඇති වාසිය මොකද?


මක්නිසාද: දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමෙන් මනුෂ්‍යයෙකුට කිසි ප්‍රයෝජනයක් නැතැයි ඔහු කීය.


අප වෙතින් අහක්ව ගිය මැනව කියාත් සර්වපරාක්‍රමයාණන් අපට මක්කරනවා ඇද්ද කියාත් ඔව්හු දෙවියන්වහන්සේට කීවෝය.


අප විසින් සර්වපරාක්‍රමයාණන්ට මෙහෙකරන්ට උන්වහන්සේ කවුද? උන්වහන්සේට යාච්ඤාකළත් අපට මොන ප්‍රයෝජනයක් වේදැයි කීවෝය.


සියලු අපරාධ කාරණා ගැන එනම් ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍රයක් ගැන හෝ නැතිවූ කොයි ප්‍රකාර දෙයක් ගැන හෝ මේ ඒකයයි යමෙක් කීවොත් දෙපක්ෂයේ කාරණය දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා; දෙවියන්වහන්සේ විසින් වරදට පත්කරන තැනැත්තා තමාගේ අසල්වාසියාට දෙගුණයක් දිය යුතුය.


එවිට යාකොබ්: නුඹේ කුලුඳුල්කම අද මට විකුණන්නැයි කීය.


අද මට දිවුරුම් දෙන්නැයි යාකොබ් කීය; ඔහු යාකොබ්ට දිවුරුම් දී ඔහුගේ කුලුඳුල්කම යාකොබ්ට වික්කේය.


එවිට ඒසව්: යාකොබ් යන නම ඔහුට තබා තිබෙනවා සුදුසු නොවේද? මක්නිසාද ඔහු මේ දෙවතාවක්ම මට ලැබෙන්ට තිබුණු දේ පැහැරගත්තේය. ඔහු මාගේ කුලුඳුල්කම ගත්තේය; මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් ගත්තේයයි කීය. එවිට ඔහු: ඔබ මටත් ආශීර්වාදයක් ඉතුරු නොකෙළෙහිදැයි ඇසීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්