Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 25:12 - Sinhala Revised Old Version

12 සාරාගේ දාසීවූ මිසරීය හාගර් ආබ්‍රහම් නිසා බිහිකළාවූ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පරම්පරා නම් මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පෙළපත ය; සාරාගේ සේවිකාව වන මිසර ජාතික හාගර්, ආබ්‍රහම්ට දාව ඉෂ්මායෙල් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පෙළපත ය; සාරාගේ සේවිකාව වන මිසර ජාතික හාගර්, ආබ්‍රහම්ට දාව ඉෂ්මායෙල් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 25:12
8 හුවමාරු යොමු  

ඔව්හු වනාහි ඒදොමේ කූඩාරම් වැසියන් සහ ඉෂ්මායෙලිතයෝය; මෝවබ් සමඟ හගරීනයෝය;


දාසියගේ පුත්‍රයා නුඹේ බීජය බැවින්, ඔහුගෙන්ද ජාතියක් කරන්නෙමියි ආබ්‍රහම්ට කීසේක.


මම ඉෂ්මායෙල් ගැනත් නුඹේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දොළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි.


නැගිට ළමයා ඔසවා නුඹේ අතින් අල්ලා ගන්න. මක්නිසාද මම ඔහු මහත් ජාතියක් කරන්නෙමියි කීසේක.


ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි, නුඹලා එකිනෙකා කොල්ලගත් කුණ්ඩලාභරණ මට දෙන්නැයි කීවේය. මක්නිසාද ඔවුන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණේය.


ආබ්‍රහම්ගේ පුත්‍රයෝ නම්: ඊසාක් සහ ඉෂ්මායෙල්ය.


ඔවුන්ගේ පරම්පරා මේය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලාවූ නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්, මිෂ්මා, දූමා, මස්සා;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්