Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:8 - Sinhala Revised Old Version

8 නුමුත් ස්ත්‍රී නුඹ කැටුව එන්ට අකැමැතිවී නම් නුඹ මාගේ මේ දිවුරුමෙන් නිදහස්වන්නෙහිය; එහෙත් මාගේ පුත්‍රයා එහි නැවත ගෙනනොයන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 නුඹ කැටුව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත් මා ඉදිරියෙහි දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය. එහෙත්, නුඹ මා පුත්‍රයා නම්, එහි යළි නොගෙන යා යුතුය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 නුඹ කැටුව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත් මා ඉදිරියෙහි දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය. එහෙත්, නුඹ මා පුත්‍රයා නම්, එහි යළි නොගෙන යා යුතුය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:8
8 හුවමාරු යොමු  

එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඈට තහනම් කළොත්, ඈ කෙරෙහි තිබෙන ඇගේ බාරයද ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියවුණාවූ වචනද ඔහු අවලංගුකරන්නේය. ස්වාමීන්වහන්සේද ඈට ක්ෂමාකරනසේක.


එහෙත් ඇගේ පියා එය ඇසූ දවසේදී ඈට තහනම්කළොත්, ඇගේ බාරද ඈ බැඳුණ බැඳීම්ද ස්ථිර නොවන්නේය. ඇගේ පියා ඈට තහනම් කළ බැවින් ස්වාමීන්වහන්සේ ඈට ක්ෂමාකරනසේක.


ස්තේපන් කථාකොට කියනුයේ: ‍ සහෝදරයෙනි, පියවරුනි, ඇහුම්කන්දෙන්න. අපගේ පියවූ ආබ්‍රහම් හාරන්හි විසීමට පළමුවෙන් මෙසොපොතාමියෙහි සිටි කාලයෙහි මහිමාන්විත දෙවියන්වහන්සේ ඔහුට පෙනී:


නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.


අප විසින් ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට නොපැමිණෙන පිණිස, ඔවුන්ට ජීවත්වෙන්ට ඉඩහැර, ඔවුන්ට මෙසේ කරමුයයි මුළු සභාවට කීවෝය.


මාගේ නෑයන් වෙතට පැමිණි කල්හි නුඹ මාගේ දිවුරුමෙන් නිදහස්වන්නෙහිය; ඔවුන් නුඹට ඇය නොදෙනවා නම් නුඹ මාගේ දිවුරුමෙන් නිදහස්වන්නෙහියයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්