Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 23:19 - Sinhala Revised Old Version

19 ඉන්පසු ආබ්‍රහම් තම භාර්යාවවූ සාරා කානාන් දේශයෙහි මම්රේ (එනම් හෙබ්‍රොන්) ඉදිරිපිට මක්පේලායේ කෙතේ ගුහාවෙහි තැන්පත්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 පසු ව ආබ්‍රහම්, කානාන් දේශයේ හෙබ්‍රොන් එනම්, මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි ඉඩමේ තිබූ ගුහාවෙහි සිය බිරිඳ වන සාරා භූමදාන කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 පසු ව ආබ්‍රහම්, කානාන් දේශයේ හෙබ්‍රොන් එනම්, මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි ඉඩමේ තිබූ ගුහාවෙහි සිය බිරිඳ වන සාරා භූමදාන කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 23:19
14 හුවමාරු යොමු  

දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.


ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.


මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.


මක්නිසාද ඔබ මරණයටත් ජීවත්ව සිටින සියල්ලන්ට නියමවූ ගෙටත් මා පමුණුවන බව දනිමි.


තවද යෝසෙප් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් දිවුරුමක් ගනිමින්: දෙවියන්වහන්සේ සැබවින්ම නුඹලා දෙස බලා වදාරනවා ඇත, එවිට නුඹලා මාගේ ඇට මෙතනින් ගෙනයන්ට ඕනෑයයි කීවේය.


මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.


මාගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි මිසරයෙන් මා ගෙනගොස් ඔවුන්ගේ සොහොන්පළෙහි මා තැන්පත් කරන්නැයි කීවේය. ඔබ කී ලෙස මම කරන්නෙමියි ඔහු කීය.


නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහියයි කීසේක.


ඔහුගේ නුවර දොරටුවෙන් ඇතුල්වුණාවූ සියල්ලන් ඉදිරියෙහි, ආබ්‍රහම්ට අයිතියක් වශයෙන් ස්ථිරකරන ලද්දේය.


කෙත සහ එහි ඇති ගුහාවද සොහොන්පළක් මෙන් අයිති වන පිණිස හෙත්ගේ පුත්‍රයන් විසින් ආබ්‍රහම්ට ස්ථිරකරනලද්දේය.


ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්