Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 23:17 - Sinhala Revised Old Version

17 මෙසේ මම්රේ ඉදිරිපිට මක්පේලායෙහි තිබුණු එප්‍රොන්ගේ කෙතද එහිවූ ගුහාවද කෙතෙහිත් වටකර සියලු සීමාවලත් තිබුණු සියලු ගස්ද හෙත්ගේ පුත්‍රයන් ඉදිරියෙහි,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මෙසේ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි තිබුණු එප්‍රොන්ගේ ඉඩම හා එහි ගුහාව ද ඉඩමෙහි හා එය වට කළ මායිම්වල තිබූ ගස්කොළන් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මෙසේ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි තිබුණු එප්‍රොන්ගේ ඉඩම හා එහි ගුහාව ද ඉඩමෙහි හා එය වට කළ මායිම්වල තිබූ ගස්කොළන් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 23:17
14 හුවමාරු යොමු  

මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.


ඔහුගේ පුත්‍රයෝවූ ඊසාක්ද ඉෂ්මායෙල්ද මම්රේ ඉදිරියෙහි හිත්තීය ශොහර්ගේ පුත්‍රවූ එප්‍රොන්ගේ කෙතෙහි මක්පේලා ගුහාවෙහි ඔහු තැන්පත්කළෝය;


කෙත සහ එහි ඇති ගුහාවද සොහොන්පළක් මෙන් අයිති වන පිණිස හෙත්ගේ පුත්‍රයන් විසින් ආබ්‍රහම්ට ස්ථිරකරනලද්දේය.


ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය.


නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.


ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.


මාගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි මිසරයෙන් මා ගෙනගොස් ඔවුන්ගේ සොහොන්පළෙහි මා තැන්පත් කරන්නැයි කීවේය. ඔබ කී ලෙස මම කරන්නෙමියි ඔහු කීය.


ඒක ආබ්‍රහම් හෙත්ගේ පුත්‍රයන්ගෙන් මිලේට ගත්තාවූ කෙතය. එහි ආබ්‍රහම්ද ඔහුගේ භාර්යාවවූ සාරාද තැන්පත් කරනලද්දෝය.


එය වාසයකරන තැනට යන මාර්ගය කොහේද? අන්ධකාරයේ ස්ථානයත් කොතැනද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්