Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 23:15 - Sinhala Revised Old Version

15 මාගේ ස්වාමීනි, මාගේ බස් ඇසුව මැනවි. රිදී ෂෙකෙල් හාරසියයක් වටින බිම් කැබෙල්ලක් මා සහ ඔබ අතරෙහි මොකක්ද? එබැවින් ඔබගේ මළ අය තැන්පත් කළ මැනවියි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “ස්වාමීනි, මට සවන් දෙන්න. බිම් කැබැල්ලේ වටිනාකම රිදී මිල හාරසියයක් පමණ ය. ඒක ඔබත් මාත් අතර ලොකු දෙයක් ද? ඔබේ මියගිය බිරිඳ එහි භූමදාන කරන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “ස්වාමීනි, මට සවන් දෙන්න. බිම් කැබැල්ලේ වටිනාකම රිදී මිල හාරසියයක් පමණ ය. ඒක ඔබත් මාත් අතර ලොකු දෙයක් ද? ඔබේ මියගිය බිරිඳ එහි භූමදාන කරන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 23:15
6 හුවමාරු යොමු  

නුඹලාගේ මානෙය ෂෙකෙල් විස්සක්ව, ෂෙකෙල් විසිපහක්ව, ෂෙකෙල් පහළොහක්ව, තිබෙන්නේය.


නුඹලාගේ ප්‍රාණය ගැන සමඟිකමක් කරන පිණිස ස්වාමීන්වහන්සේගේ පූජාව දෙන කල ධනවන්තයා ෂෙකෙල් බාගයට වැඩියෙන්වත් දිලිඳා ඊට අඩුවෙන්වත් නොදේවා.


ඔවුන් විසින් දිය යුතු මෙසේය, ගණන්ගනු ලබන එක් එක්කෙනා ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ස්වාමීන්වහන්සේට පඬුරක් පිණිස ෂෙකෙල් බාගයක් දිය යුතුය. (ෂෙකෙලයක් නම් ගේරා විස්සක්ය.)


එප්‍රොන්ද ආබ්‍රහම්ට උත්තරදෙමින්:


ඔහු තමාගේ කූඩාරම පිහිටුවාගත් බිම් කැබෙල්ල ෂෙඛෙම්ගේ පියවූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කෑලි සියයකට ගෙන


සැබවින් රිදී තිබෙන ආකරයක්ද පිරිසිදුකරන රනට ස්ථානයක්ද තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්