Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 22:6 - Sinhala Revised Old Version

6 එවිට ආබ්‍රහම් දවන පූජාවට ගෙනා දර රැගෙන තමාගේ පුත්‍රවූ ඊසාක් පිට තබා තමාගේ අතින් ගිනිද පිහියද ගත්තේය; ඔව්හු දෙදෙනා එක්ව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මෙසේ කියා ආබ්‍රහම් දවන යාග පූජාවට සූදානම් කළ දර සිය පුත් ඊසාක් මත තබා, තම අතට ගින්දර ද පිහිය ද ගෙන, දෙදෙනා ම එක් ව යන්න පිටත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මෙසේ කියා ආබ්‍රහම් දවන යාග පූජාවට සූදානම් කළ දර සිය පුත් ඊසාක් මත තබා, තම අතට ගින්දර ද පිහිය ද ගෙන, දෙදෙනා ම එක් ව යන්න පිටත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 22:6
7 හුවමාරු යොමු  

උන්වහන්සේම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් භාෂාවෙන් ගොල්ගොතායයි කියනලද හිස්කබල ස්ථානයට පිටත්ව ගියසේක.


අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.


මෙසේ වූයේ: උන්වහන්සේම අපේ දුර්වලකම් ගත්සේක, අපේ රෝග උසුලාගත්සේකැයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.


අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.


ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කථාකොට: කොටළුවා සමඟ නුඹලා මෙහි සිටින්න, ළමයාත් මමත් අතනට ගොස් නමස්කාරකොට නුඹලා වෙතට නැවත එන්නෙමුයයි කීය.


එලියාද: ස්වාමීන්වහන්සේ මා යොර්දානට යවන නිසා මෙහි නවතින්නැයි ඔහුට කීවේය. ඔහු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. එවිට ඒ දෙදෙනාම ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්