Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 21:32 - Sinhala Revised Old Version

32 මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහිදී ගිවිසුමක් කරගත්තෝය. තවද අබිමෙලෙක් සහ ඔහුගේ සේනාපතිවූ පීකොල් නැගිට පිලිස්තිවරුන්ගේ දේශයට හැරීගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහි දී ගිවිසුමක් කරගත්හ. පසුව අබිමෙලෙක් ද ඔහුගේ සෙන්පති පීකොල් ද නැඟිට, පිලිස්තිවරුන්ගේ දේශයට හැරී ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහි දී ගිවිසුමක් කරගත්හ. පසුව අබිමෙලෙක් ද ඔහුගේ සෙන්පති පීකොල් ද නැඟිට, පිලිස්තිවරුන්ගේ දේශයට හැරී ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 21:32
12 හුවමාරු යොමු  

යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් දාවිත්ට ආදරේවූ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්තෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය; ස්වාමීන්වහන්සේද ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවාදුන්සේක.


තවද ඵාරාවෝ සෙනඟ යන්ට හැරිය කල්හි පිලිස්තිවරුන්ගේ දේශය මැදින් යාම කිට්ටු නුමුත් දෙවියන්වහන්සේ ඒ මාර්ගයෙන් ඔවුන් ගෙන නොගියසේක; මක්නිසාද: සෙනඟ යුද්ධය දැක සමහරවිට පසුතැවිලිව මිසරයට හැරී නොයන පිණිසයයි දෙවියන්වහන්සේ කීසේක.


ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය.


ඔහුට එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද බොහෝ ගෙයි වැසියෝද සිටියෝය. පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යාකළෝය.


ඔහු බොහෝ කලක් එහි වාසයකළ පසු පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් කවුළුවකින් බලා ඊසාක් තමාගේ භාර්යාවවූ රෙබෙකාට ආදර කරනවා දුටුවේය.


ආබ්‍රහම් බැටළුවන් හා ගොනුන් ගෙන අබිමෙලෙක්ට දුන්නේය; ඔව්හු දෙදෙන ගිවිසුමක් කරගත්තෝය.


එවිට ගැළවී ගිය කෙනෙක් ඇවිත් හෙබ්‍රෙව්වාවූ ආබ්‍රම්ට දැන්විය. හෙතෙම වනාහි එෂ්කොල්ගේ සහෝදරයාද අනෙර්ගේ සහෝදරයාදවූ අමෝරිය මම්රේගේ ආලෝන් ගස් ළඟ වාසයකෙළේය. මොව්හු ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරගෙන සිටියෝය.


පත්රුසිම්වරුද කස්ලුහිම්වරුද (පිලිස්තිවරුන් නික්ම ආවේ මොවුන්ගෙන්ය) කප්තොරිම්වරුද උපන්නෝය.


එහෙයින් ඔහු ඒ ස්ථානයට බෙයර්-ෂෙබායයි නම් තැබීය. එසේ කළේ ඔවුන් දෙදෙනා එතැන්හිදී දිවුළ බැවින්ය.


ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි ඒෂෙල් ගසක් සිටුවා එතැන්හි සදාකාල දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.


ඉතින් දැන් එන්න, මමත් නුඹත් ගිවිසුමක් කරගනිමු; ඒක මා සහ නුඹ අතරෙහි සාක්ෂියක් පිණිස වේවයි යාකොබ්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්