Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 21:25 - Sinhala Revised Old Version

25 එහෙත් අබිමෙලෙක්ගේ මෙහෙකරුවන් බලාත්කාරයෙන් උදුරාගත් වතුර ඇති ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට තරවටු කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඉන්පසු අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් පැහැරගත් එක්තරා ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට පැමිණිලි කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඉන්පසු අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් පැහැරගත් එක්තරා ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට පැමිණිලි කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 21:25
11 හුවමාරු යොමු  

තවද නුඹේ සහෝදරයා ඔබට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය.


ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.


නුඹේ අසල්වාසියා සමඟම නුඹේ කාරණය කථාකරන්න, අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.


අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය.


ඈද: මට වරයක් දුනමැනවි; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබේවයි කීවාය. එවිට කාලෙබ් ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඈට දුන්නේය.


සියලු රැළවල් එක්වෙන තුරු අපට නුපුළුවන, එවිට ළින් කටින් ගල අහකට පෙරළුවාම අපි බැටළුවන්ට වතුර පොවමුයයි ඔව්හු කීවෝය.


ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය.


ආබ්‍රහම්ද: මම දිවුරන්නෙමියි කීය.


අබිමෙලෙක්ද: මේ දේ කළේ කවුදැයි මම නොදනිමි. නුඹ මට නොකීයෙහිය, අද වන තුරු ඒ ගැන මා ඇසුවෙත් නැතැයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්