Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 20:5 - Sinhala Revised Old Version

5 ඈ මාගේ සහෝදරීයයි ඔහුම මට නොකීයේද? ඈ පවා: ඔහු මාගේ සහෝදරයායයි කීවාය; මාගේ සිතේ අවංකකමින්ද මාගේ අත්වල නිදොස්කමෙන්ද මේක කෙළෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යැයි කීවා නොවේ ද? ඈ වුව ද ඔහු ඇගේ සහෝදරයා ය යි කීවා ය. මා මෙය කෙළේ හෘදය සාක්ෂියට එකඟ ව අවංක සිතකිනි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යැයි කීවා නොවේ ද? ඈ වුව ද ඔහු ඇගේ සහෝදරයා ය යි කීවා ය. මා මෙය කෙළේ හෘදය සාක්ෂියට එකඟ ව අවංක සිතකිනි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 20:5
21 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මනුෂ්‍යජාතීන්ට යුක්තිය සලසා දෙනසේක. ස්වාමිනි, මාගේ ධර්මිෂ්ඨකම හා මා තුළ පවතින අවංකකම පරිද්දෙන් මා විනිශ්චයකළ මැනව.


ඉතින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මා ඉදිරියෙහි සිතේ ඇද නැතිකමින්ද අවංකකමින්ද හැසිරෙමින්, මා විසින් නුඹට අණකළ සියල්ලේ ප්‍රකාරයට කර, මාගේ පනත්ද විනිශ්චයවල්ද පවත්වන්නෙහි නම්,


පළමුවෙන් මම අපහාසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දාකරන්නෙක්ව සිටියෙම් නුමුත්, නොදන්නාකමින් හා ඇදහිලි නැතිකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි.


අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය.


මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.


මාගේ දෙවියන්වහන්සේ තමන්ගේ දූතයා එවා, සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් පියෙවූසේක. මක්නිසාද උන්වහන්සේ ඉදිරියෙහි මා තුළ නිදොස්කම තිබුණේය; ඇරත් රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියේද මම කිසිවරදක් නොකෙළෙමියි කීවේය.


තමාගේ ඇදනැතිකමින් හැසිරෙන්නා ධර්මිෂ්ඨයෙක්ය, ඔහුට පසු ඔහුගේ දරුවෝ වාසනාවන්තයෝ වෙති.


ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.


මෙසේ ඔහු තමාගේ සිතේ සත්‍ය‍තාවෙන් ඔවුන් පෝෂණය කළේය; තමාගේ අත්වල සමර්ථකමෙන් ඔවුන්ට මගපෙන්විය.


සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය;


ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද,


සත්‍යකමත් අවංකකමත් මා රකීවා, මක්නිසාද ඔබ කෙරෙහි බලා සිටිමි.


පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තාවූ, තමාගේ ආත්මය නිෂ්ඵලකමට යොමුනොකළාවූ, වංචාවෙන් නොදිවුළාවූ තැනැත්තේමය.


මම පවිත්‍රව වරදක් නැතුව සිටිමි. මම නිදොස්ව අයුතුකමක් නැතුව සිටිමි;


මාගේ දෙවියන්වහන්ස, ඔබ සිත සෝදිසිකරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජාකරන බව ප්‍රීතියෙන් දුටිමි.


අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළ බව සිහිකළ මැනවයි කියා අතිශයින් ඇඬුවේය.


දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම දන්නාසේක, ඉශ්‍රායෙල්ද දැනගන්නවා ඇත; අප විසින් කැරළිකාරකමින්වත් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකමින්වත්, ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන පිණිස අපට පූජාසනයක් ගොඩනගා තිබේ නම්, අද දවසේ අප නොගැළවුව මැනව.


ඉතින් නුඹ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද නුඹ කරණකොටගෙන මාගේ ප්‍රාණය ගැළවෙන පිණිසද නුඹ මාගේ සහෝදරීයයි කියන ලෙස ඉල්ලමියි කීය.


තවද දෙවියන්වහන්සේ මාගේ පියාගේ ගෙයින් යන්ට මට සැලැස්සූ කල මම ඈට කථාකර: නුඹ මට පෙන්විය යුතු කරුණාව මේය, අප පැමිණෙන්නාවූ සියලු තැන්හිදීම-ඔහු මාගේ සහෝදරයායයි මා ගැන කියන්නැයි කීමියි කීයේය.


ඔහු සාරාට කථාකොට: බලව, මම නුඹේ සහෝදරයාට රිදී දහසක් දුනිමි. එය නුඹ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි නුඹට ඇස් වැස්මක් පිණිසය; සියල්ලන් ඉදිරියෙහි නුඹට යුක්තිය සිදුකරනලද්දේයයි කීවේය.


අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්