Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 19:2 - Sinhala Revised Old Version

2 තවද ඔහු: බැලුව මැනවි, මාගේ ස්වාමිවරුනි, නුඹවහන්සේලාගේ මෙහෙකරුවාගේ ගෙදරට ඇවිත් මුළු රෑ නැවතී සිට පාද සෝදාගතමැනවි, අලුයම් වේලෙහි නැගිට නුඹවහන්සේලාගේ ගමන යත හැකියයි කීවේය. ඔව්හුද: නැත; මුළු රෑ වීථියේ නවතින්නෙමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “මහතුනි, කරුණාකර, මේ ඔබේ දාසයාගේ නිවසට ඇතුළු වන්න, පාද සෝදාගෙන අද රෑ මෙහි නවතින්න. අලුයම නැඟිට ඔබ යන ගමන යන්නට පුළුවනැ”යි කී ය. එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “නැත, මුළු රැය ම අපි වීදියේ ගත කරන්නෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “මහතුනි, කරුණාකර, මේ ඔබේ දාසයාගේ නිවසට ඇතුළු වන්න, පාද සෝදාගෙන අද රෑ මෙහි නවතින්න. අලුයම නැඟිට ඔබ යන ගමන යන්නට පුළුවනැ”යි කී ය. එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “නැත, මුළු රැය ම අපි වීදියේ ගත කරන්නෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 19:2
15 හුවමාරු යොමු  

පැන් ටිකක් ගෙනෙන්ට ඉඩ දී ඔබවහන්සේලාගේ පාද සෝදා, ගස යට පහසුගත මැනව.


ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.


ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිනු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.


ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කථාකොට: මේ ස්ත්‍රිය නුඹට පෙනෙනවාද? මම නුඹේ ගෙදරට ඇතුල්වුණෙමි, නුඹ මාගේ පාද සෝදන්ට වතුර දුන්නේ නැත. නුමුත් මෑ තමාගේ කඳුළෙන් මාගේ පාද තෙමා, ඇගේ හිසකේවලින් ඒවා පිසදැමුවාය.


ඉන්පසු උන්වහන්සේ භාජනයට වතුර වත්කොට ගෝලයන්ගේ පාද සෝදන්ටත් තමන් ඉඟටියේ බැඳගත් රෙදිකඩින් පිසදමන්ටත් පටන්ගත්සේක.


දේවදූතයන් දෙදෙනා සවස් වේලෙහි සොදොමට පැමුණුණෝය; ලොත් සොදොමේ දොරටුවේ හුන්නේය. ලොත් ඔවුන් දැක ඔවුන් සම්මුඛවන පිණිස නැගිට මුහුණින් බිමට නැමුණේය;


නුමුත් ඔහු ඔවුන්ට බොහෝසේ පෙරැත්තකළ නිසා ඔව්හු ඔහු වෙතට හැරී ගොස් ඔහුගේ ගෙට ඇතුල්වූවෝය; එවිට ඔහු මුහුන් නුමුසු රොටි පුළුස්සා ඔවුන්ට කෑමක් පිළියෙළ කෙළේය, ඔව්හුද කෑවෝය.


ඔහු: ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් තැනැත්ත, ඇතුළට එන්න; පිටත සිටින්නේ මන්ද? මම ගෙයද ඔටුවන්ට ඉඩම්ද සූදානම්කෙළෙමියි කීවේය.


ඒ මනුෂ්‍යයා ඔවුන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගොස් ඔවුන්ට වතුර දුන්නේය, ඔව්හු පාද සෝදාගත්තෝය; ඔහු ඔවුන්ගේ කොටළුවන්ටත් ගොදුරු දුන්නේය.


මාගේ සැට්ටය මුදා තැබීමි; මා ඒක අඳින්නේ කොහොමද? මාගේ පාද සේදීමි; ඒවා මම කෙසේ කිලුටුකරන්නෙම්දැයි කීවෙමි.


පසුව දාවිත්: නුඹ ගෙදර ගොස් නුඹේ පාද සෝදාගන්නැයි උරියාට කීවේය. උරියා රජ ගෙදරින් පිටතට ගියේය, රජුගෙන් ආහාර කොටසක් ඔහු පස්සෙන් හරින ලද්දේය.


අමුත්තා රාත්‍රිය එළියේ පසු නොකෙළේය; ගමන්කාරයාට මාගේ දොරවල් ඇරියෙමි;


නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු නුඹ ගැන වෙහෙසවී, නුඹට වෛරවෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්