Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 18:5 - Sinhala Revised Old Version

5 ඔබවහන්සේලාගේ සිත් ශක්තිමත් කරගන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නෙමි; පසුව ඔබවහන්සේලාට යත හැකිය. මක්නිසාද ඔබවහන්සේලා තමන් මෙහෙකරුවා වෙතට ආවේ ඒ පිණිසයයි කීය. ඔව්හුද: නුඹ කී ලෙස කරන්නැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, “ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, “ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 18:5
12 හුවමාරු යොමු  

මානෝවා ස්වාමීන්වහන්සේගේ දූතයාට කථාකොට: අප විසින් ඔබට එළුපැටවෙකු පිළියෙළකරන තුරු ඔබ ප්‍රමාදකරගන්ට අපට අවසර ලැබේවයි කීවේය.


මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.


සතරවෙනිදා ඔවුන් අලුයම නැගුටුණ විට ඔහු යන්ට හැදුවේය. යෞවනියගේ පියාද: කෑම ටිකකින් නුඹේ සිත සනසාගන පසුව යන්ට පුළුවනැයි ඔහුගේ බෑනාට කීවේය.


ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් ඔබ ඉදිරියෙහි තබන තෙක් මෙතැනින් නොගිය මැනවයි කීවේය. උන්වහන්සේද: නුඹ හැරී එන තුරු මම නවතින්නෙමියි කීසේක.


එවිට යාකොබ්: එසේ නොවේවා; ඔබගෙන් කරුණාව ලදිම්නම් මා අතින් මාගේ තෑග්ග පිළිගතමැනවි. කුමක්හෙයින්ද කෙනෙක් දෙවියන්වහන්සේගේ මුහුණ දකින්නාක් මෙන් මම ඔබගේ මුහුණ දුටුවෙමි, ඔබ මා කෙරෙහි ප්‍රසන්නවූයෙහිය.


මෙන්න, පුරුෂයෙකු නෑඳින්න දූවරු දෙදෙනෙක් මට සිටිති; ඔවුන් නුඹලා ළඟට පිටතට ගෙනෙන්ට ඉඩදෙන්න, නුඹලාට හොඳව පෙනෙන ලෙස ඔවුන්ට කරන්න; එහෙත් මේ මනුෂ්‍යයන් මාගේ පියස්ස යටට ඇවිත් සිටින නිසා ඔවුන්ට කිසිවක් නොකරන්නැයි කීය.


බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ යෙරුසලමෙන්ද යූදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් පහකරනසේක. එනම් මුළු ආහාරපාන වෘත්තියද;


අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.


එවිට ආබ්‍රහම් කූඩාරමේ සිටි සාරා වෙතට යුහුව ගොස්: සිහින් පිටි නැළි තුනක් ඉක්මනින් සූදානම්කොට අනා රොටි සාදන්නැයි කීය.


ගිඩියොන් ඇතුළට ගොස් එළුපැටියෙක්ද ඒඵාවක පිටිවලින් මුහුන් නොදැමූ රොටිද සූදානම්කොට, මස් පෙට්ටියක තබා, සොදි භාජනයක වත්කොට, අලෝන ගස යටට ගෙනවුත් උන්වහන්සේට ඔප්පුකෙළේය.


ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹ මා ප්‍රමාදකරගන්න නුමුත් නුඹේ කෑමෙන් නොකන්නෙමි, නුඹ දවන පූජාවක් පිළියෙළකරන්ට කැමතිනම් එය නුඹ විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුයයි මානෝවාට කීවේය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේය.


ඈ ඒ ගෙනෙන්ට යන අතර ඔහු ඈට අඬගසා: කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්