Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 16:14 - Sinhala Revised Old Version

14 එබැවින් ඒ ළිඳට බෙයෙර්-ලහයි-රොයි යන නම තබනලද්දේය. බලව, එය කාදෙෂ් සහ බෙරෙද් අතරෙහි තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 කාදේෂ් සහ බෙරෙද් අතර පිහිටි ඒ ළිඳට මා දක්නා ජීවමාන තැනැන් වහන්සේගේ ළිඳ යන අර්ථ ඇති ‘බෙයර්-ලහයි-රෝයි’ යන නම තබන ලද්දේ එබැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 කාදෙෂ් සහ බෙරෙද් අතර පිහිටි ඒ ළිඳට මා දක්නා ජීවමාන තැනැන් වහන්සේගේ ළිඳ යන අර්ථ ඇති ‘බෙයර්-ලහයි-රෝයි’ යන නම තබන ලද්දේ එබැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 16:14
7 හුවමාරු යොමු  

මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.


තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ගේ මරණින් පසු ඔහුගේ පුත්‍රවූ ඊසාක්ට ආශීර්වාද කළසේක; ඊසාක් බෙයර්-ලහයි-රොයි ළඟ වාසයකෙළේය.


ඊසාක් බෙයර්-ලහයි-රොයිට යන පාරෙන් ආයේය; මක්නිසාද ඔහු දකුණු දේශයෙහි විසුවේය.


එහෙයින් ඔහු ඒ ස්ථානයට බෙයර්-ෂෙබායයි නම් තැබීය. එසේ කළේ ඔවුන් දෙදෙනා එතැන්හිදී දිවුළ බැවින්ය.


තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහරදුන්නෝය.


භාගර් ආබ්‍රම් නිසා පුත්‍රයෙකු බිහිකළාය. ආබ්‍රම් වනාහි හාගර් බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඉෂ්මායෙල් යන නම තැබීය.


දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්