Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 14:6 - Sinhala Revised Old Version

6 කාන්තාරයට ළංවූ ඒල්-පාරාන් දක්වා සේයිර් නම්වූ ස්වකීය කඳුකරයෙහි සිටිය හෝරිවරුන්ටත් පහරදුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 කාන්තාර මායිමේ ඒල්-පාරාන් දක්වා සේයිර් කඳුකරයේ සිටි හෝරිවරුන් ද පරාජය කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 කාන්තාර මායිමේ ඒලී-පාරාන් දක්වා සේයිර් කඳුකරයේ සිටි හෝරිවරුන් ද පරාජය කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 14:6
13 හුවමාරු යොමු  

උන්වහන්සේ සේයිර්හි වාසයකළ ඒසව් පුත්‍රයන් ඉදිරියෙන් හෝරිවරුන් විනාශ කිරීමෙන් ඔවුන් උදෙසා කළාක් මෙන්ම මොවුන්ටත් කළසේක; ඔව්හු ඔවුන් පන්නාදමා ඔවුන්ගේ ස්ථානයෙහි අද දක්වා වාසයකරති.


සේයිර්හිද ඉහත දී හෝරිවරු වාසය කළෝය. එහෙත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට දුන් උරුම දේශයට ඔවුන් කළාක් මෙන් ඒසව්ගේ පුත්‍රයෝද ඔවුන් පන්නා දමා තමුන් ඉදිරියෙන් ඔවුන් විනාශකොට ඔවුන්ගේ ස්ථානයෙහි වාසයකළෝය.)


ඔහු පාරාන් නම්වූ වනයෙහි වාසය කෙළේය. ඔහුගේ මවු ඔහුට මිශරදේශයෙන් භාර්යාවක් ගෙන දුන්නාය.


මෝසෙස් ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස පාරාන් කාන්තාරයේ සිට ඔවුන් යැවුවේය. ඔවුන් සියල්ලෝම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ප්‍රධානියෝව සිටි මනුෂ්‍යයෝය.


පසුව සෙනඟ හශේරොත්හි සිට පිටත්ව ගොස් පාරාන් කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය.


දෙවියන්වහන්සේ තේමාන් සිටද ශුද්ධ තැනන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරුණේය.


එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් ප්‍රකාර සීනයි කාන්තාරයෙන් පිටත්ව ගියෝය; වලාකුළ පාරාන් කාන්තාරයෙහි නැවතුණේය.


ඒසව් වනාහි සේයිර් කන්දෙහි විසුයේය. ඒසව් නම් ඒදොම්ය.


කාන්තාරයේ දිය උල්පතක් ළඟදී, එනම්, ෂුර්ට යන පාරේ තිබෙන දිය උල්පත ළඟදී, ඈ ස්වාමීන්වහන්සේගේ දූතයාට සම්බවුණාය.


තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.


ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ඵාරාවෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්