Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 14:2 - Sinhala Revised Old Version

2 ඔව්හු සොදොම්හි රජවූ බෙරාද ගොමොරාහි රජවූ බිර්ෂාද අද්මාහි රජවූ ෂිනාබ්ද ශෙබොයිම්හි රජවූ ෂෙමේබෙර්ද බෙලාහි (එනම් ශොවර්හි) රජද යන මොවුන්ට විරුද්ධව යුද්ධකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 මොවුහු සොදොම්හි රජ වූ බෙරා ද, ගොමොරාහි රජ වූ බිර්ෂා ද, අද්මාහි රජ වූ ෂීනාබ් ද ශෙබොයිම්හි රජ වූ ෂෙමේබෙර් සහ බෙලාහි හෙවත් ශොවර්හි රජ ද යන රජවරු පස්දෙනාට විරුද්ධ ව යුද්ධ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 මොවුහු සොදොම්හි රජ වූ බෙරා ද, ගොමොරාහි රජ වූ බිර්ෂා ද, අද්මාහි රජ වූ ෂීනාබ් ද ශෙබොයිම්හි රජ වූ ෂෙමේබෙර් සහ බෙලාහි හෙවත් ශොවර්හි රජ ද යන රජවරු පස්දෙනාට විරුද්ධ ව යුද්ධ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 14:2
12 හුවමාරු යොමු  

ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම සහ ගොමොරා විනාශකරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය.


ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසිනුත් කෝපයෙනුත් විනාශකළාවූ සොදොම් සහ ගොමොරාහිද අද්මා සහ ශෙබොයිම්හිද විනාශය මෙන් ඒ මුළු දේශයෙහි වැපිරීමක්වත් කිසි පලා ජාතියක් වැවීමක්වත් හටගැනීමක්වත් නොවන ලෙස ඒක ගෙන්දගමෙනුත් ලුණුවලිනුත් දාලා තිබෙන බවද දුටු කල්හි:


කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය.


එප්‍රායිම්, මම කෙසේ නුඹ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, නුඹ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් නුඹට කරන්නෙම්ද? කෙසේ නුඹව ශෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.


මාගේ සිත මෝවබ් නිසා කෑගසයි; ඇගේ උත්තමයෝ ශෝවාර්ටත් එග්ලත්-ෂෙලිෂියටත් පලා යති. මක්නිසාද ඔව්හු අඬ අඬා ලූහිත්හි ගොඩැල්ලෙන් නැගී යති; එසේය, හොරොනායිම් මාර්ගයේදී ඔව්හු විනාශයේ ඝෝෂාවක් පවත්වති.


හාදීද්හිද ශෙබෝයිම්හිද නෙබල්ලාට්හිද;


එක කණ්ඩායමක් බෙත්හොරොන්ට යන මාර්ගයෙන් ගියේය. එක කණ්ඩායමක් කාන්තාරයට යන්නාවූ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන සීමාවේ මාර්ගයෙන් ගියේය.


දකුණු දිශාවද ශොවර් දක්වා තිබෙන ඉඳිගස් නුවරවූ යෙරිකෝ මිටියාවතේ සමභූමියද දැක්වූ සේක.


හෙෂ්බොන්හි කෑගැසීමට එලෙයාලේද යහශ්ද දක්වාත්, ශෝවර් සිට හොරොනායිම්ද එග්ලත්-ෂෙලීෂියද දක්වාත්, ඔව්හු තමුන්ගේ හඬ පැවැත්වුවෝය. මක්නිසාද නිම්රීම්හි ජල පවා සිඳීයන්නේය.


ආබ්‍රම් කානාන් දේශයෙහි වාසය කෙළේය, ලොත් සමභූමියෙහි නුවරවල වාසය කරමින් තමාගේ කූඩාරම සොදොම දක්වා ගෙනගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්