Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 12:5 - Sinhala Revised Old Version

5 ආබ්‍රම් තමාගේ භාර්යාවවූ සාරයිද තම සහෝදරයාගේ පුත්‍රවූ ලොත්ද ඔවුන් රැස්කරගන තිබුණු තමන්ගේ සියලු සම්පත්ද හාරාන්හිදී ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිණිස පිටත්වුණේය; ඔව්හු කානාන් දේශයට පැමිණියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මෙසේ ආබ්‍රම් සිය බිරිඳ වන සාරයි ද තම සොහොයුරාගේ පුත් වන ලොත් ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසිදසුන් ද රැගෙන කානාන් දේශය බලා නික්ම ගොස් එහි සැපත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මෙසේ ආබ්‍රම් සිය බිරිඳ වන සාරයි ද තම සොහොයුරාගේ පුත් වන ලොත් ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසිදසුන් ද රැගෙන කානාන් දේශය බලා නික්ම ගොස් එහි සැපත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 12:5
13 හුවමාරු යොමු  

ආබ්‍රම් තමාගේ සහෝදරයා අල්වාගෙන ගිය බව ඇසූ කල තමාගේ ගෙයි උපන්නාවූ පුරුදුකරනු ලැබූ ස්වකීය මිනිසුන් තුන්සිය දසඅට දෙනෙකු රැගෙන දාන් දක්වා ලුහුබැඳ ගියේය.


තේරා තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ද තමාගේ පුත්‍රවූ හාරාන්ගේ පුත්‍රයා වන ලොත්ද තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ගේ භාර්යාව වන තමාගේ යෙහෙළි වූ සාරයිද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවරින් පිටත්ව ගොස් හාරාන්ට පැමිණ එහි වාසයකෙළේය.


එකල ඔහු කල්දියයන්ගේ දේශයෙන් පිටත්ව හාරන්හි විසුවේය. ඔහුගේ පියා මළ කල්හි, දෙවියන්වහන්සේ ඔහු එතැනින් නුඹලා දැන් වසන්නාවූ මේ දේශයට ගෙනාසේක.


සොදොම්හි රජද ආබ්‍රම්ට කථාකොට: මිනිසුන් මට දියන්න, සම්පත් නුඹටම ගනින්නැයි කීය. ආබ්‍රම් සොදොම්හි රජුට කථාකොට:


කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය.


ආබ්‍රම් සමඟ ගියාවූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය, කූඩාරම්ද තිබුණේය.


ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන්විය.


යාකොබ් බෙයර්-ෂෙබායෙන් පිටත්ව හාරාන් දිසාවට ගියේය.


ඒසව් තමාගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද තමාගේ ගෙයි සියලු මනුෂ්‍යයන්ද තමාගේ ගවයන්ද තමාගේ සියලු මෘගයන්ද කානාන් දේශයෙහිදී තමා සපයාගත් සියලු සම්පත්ද රැගෙන තමන් සහෝදරවූ යාකොබ්ගෙන් වෙන්ව වෙන දේශයකට ගියේය.


එහෙත් පූජකයෙකු විසින් තමාගේ මිලයෙන් මිලේට ගත් කෙනෙකුට එයින් කන්ට පුළුවන; ඔහුගේ ගෙදර උපන් අයටත් ඔහුගේ භෝජනවලින් කන්ට පුළුවන.


තේරාගේ පරම්පරාව මේය. තේරාට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය; හාරාන්ට දාව ලොත් උපන්නේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්