Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 8:8 - Sinhala Revised Old Version

8 ඒ ගැන දේශය නොවෙවුලන්නේද? එහි වසන සියල්ලෝම නොවැලපෙන්නෝද? එසේය, ඒක ගංගාව මෙන් මුළුමනින්ම ගලා, කැලඹී, මිසරයේ ගංගාව මෙන් බැසයනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එබැවින් පොළොව දෙදරන්නේ ය; රටවැසි සියල්ලෝ වැලපෙන්නෝ ය. මුළු රට ම නයිල් ගඟ මෙන් නැඟී, දෙගොඩ තලා, බැස යනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එබැවින් පොළොව දෙදරන්නේ ය; රටවැසි සියල්ලෝ වැලපෙන්නෝ ය. මුළු රට ම නයිල් ගඟ මෙන් නැඟී, දෙගොඩ තලා, බැස යනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 8:8
22 හුවමාරු යොමු  

මක්නිසාද පොළොව දියවෙන හැටියටත් එහි සියලු වැසියන් වැලපෙන හැටියටත් එය ගංගාව මෙන් මුළුමනින්ම ගලා මිසරයේ ගංගාව මෙන් බැසයන හැටියටත් ඊට අතගසන්නේ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.


එබැවින් දේශය වැලපෙනවා ඇත, එහි වසන සියල්ලෝ වනයේ මෘගයන් හා ආකාශයේ පක්ෂීන්ද ඇතුළුව මලානිකවන්නෝය; මුහුදු මත්ස්‍යයෝ පවා පහකරනු ලබන්නෝය.


මිසරය නයිල් ගංගාව මෙන් ගලයි, එහි ජලධාරාවෝ ගංගාවල මෙන් රැළ ගසති. මම නැගී ගොස් දේශය වසාගෙන නුවරවල්ද එහි වැසියන්ද විනාශකරන්නෙමියි ඔහු කියන්නේය.


එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.


නුඹලාගේ මංගල්‍යවල් වැලපීමටත් නුඹලාගේ සියලු ගීතිකා විලාපයටත් හරවා, සියලුම ඉඟටිවලට ගෝණි රෙදිද සියලුම හිස්වලට මුඩුකමද පමුණුවා, ඒක එකම පුත්‍රයෙකු නිසා වැලපීම මෙන්ද එහි අන්තිමය තික්තවූ දවසක් මෙන්ද කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


සමාරියේ වැසියෝ බෙත්-ආවෙන්හි වස්සන් නිසා භයින් සිටින්නෝය. මක්නිසාද උගේ සෙනඟ ඌ ගැන වැලපෙන්නෝය, උගේ තේජස උගෙන් පහවගිය බැවින් උගේ කපුවෝ ඌ ගැන වෙවුලන්නෝය.


සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා සිඳදමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙ අධිපතියාගේ සෙනඟ නුවර සහ ශුද්ධස්ථානය විනාශකරන්නෝය; එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය, කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය; පාළුකිරීම්ද නියමකර තිබේ.


දේශය වැලපෙන්නෙත් මුළු රටේ තෘණ මැලවෙන්නෙත් කොපමණ කල්ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝද පක්ෂීහුද නැතුව ගියෝය; මක්නිසාද: ඔහු අපේ අන්තිමය නොදකින්නේයයි ඔව්හු කීවෝය.


නයිල් ගංගාව මෙන්ද රැළගසන ගංගාවල් මෙන්ද නැගී එන මොහු කවුද?


දේශය චංචලවී වේදනා විඳියි. මක්නිසාද බබිලොන් දේශයෙහි වැසියෙක් නොසිටින හැටියට පාළුකිරීමට තිබෙන ස්වාමීන්වහන්සේගේ යෝජනා බබිලෝනියට විරුද්ධව ස්ථිරව තිබේ.


නුමුත් ගලායන ජලගැල්මකින් උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන් සහමුලින්ම විනාශකරනසේක, තමන්ගේ සතුරන්ද අන්ධකාරයට පන්නාදමනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්