Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 8:6 - Sinhala Revised Old Version

6 අප විසින් භෝග විකුණන පිණිස අමාවකද, ධාන්‍ය කඩ අරින පිණිස සබත් දවසද පසුවෙන්නේ කොයි වේලාවේදැයි කියන්නාවූ තැනැත්තෙනි, මෙය අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 8:6
11 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ධර්මිෂ්ඨයා රිදීවලටත් දිළින්දා වහන් සඟළකටත් වික්කෝය.


දිළින්දා ගිලදැමීමටත් දේශයේ යටහත් අය නැතිකිරීමටත් හතිදමාගනයමින්,


තවද නුඹලා යූදා දරුවන්ද යෙරුසලමේ දරුවන්ද නුඹලාගේ සීමාවෙන් ඈත්කරන පිණිස ඔවුන් ග්‍රීක්වරුන්ගේ පුත්‍රයන්ට වික්කහුය.


ඔව්හු මාගේ සෙනඟ ගැන පසඇට දමා, පිරිමි ළමයෙකු වේශ්‍යාවක් නිසා දුන්නෝය, ගෑනු ළමයෙකු මුද්‍රිකපානය බොන පිණිස වික්කෝය.


අන්‍ය ජාතීන්ට විකිණී සිටිය යුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිලදී මුදාගතිමු, ඉතින් නුඹලාම නුඹලාගේ සහෝදරයන් විකුණනවාද? ඔවුන් අපටත් විකුණනු ලැබිය යුතුදැයි කීවෙමි. එවිට ඔව්හු නිශ්ශබ්දව කිසි උත්තරයක් නැතුව සිටියෝය.


සමාරියේ කඳු උඩ නුඹලා රැස්වී, එය තුළ තිබෙන මහත් කෝලාහලද එය මැද තිබෙන පීඩාද බලන්නය කියමින් අෂ්දොද්හි මාළිගාද මිසර දේශයේ මාළිගාද උඩ සිට ප්‍රකාශකරන්න.


සමාරියේ කඳුකරයෙහි සිටින බාෂාන්හි එළදෙන්නුනි, මේ වචනය අසන්න; නුඹලා දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය; අපට බොන්ට ගෙනෙන්නැයි නුඹලාගේ ස්වාමිවරුන්ට කියන්නහුය.


ලේ වගුරුවන පිණිස ඔව්හු නුඹ තුළ අල්ලස් ගත්තෝය; නුඹ පොළී සහ ලාභ ගෙන, නුඹේ අසල්වාසීන්ගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන, මා සිහිනැතිකෙළෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එන ඒඵාවයයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්