Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 8:5 - Sinhala Revised Old Version

5 ඒඵාව කුඩාකර, ෂෙකෙල මහත්කර, හොර තරාදිවලින් වංචාකම්කරන්නාවූ, දුප්පතුන් රිදීවලටද දිළින්දා වහන් සඟළකටද ගන්ටත් බොල් ධාන්‍ය විකුණන්ටත් ලැබෙන හැටියට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 8:5
24 හුවමාරු යොමු  

වෙළෙන්දෙක් වන ඔහුගේ අතේ හොර තරාදි තිබේ. ඔහු ප්‍රයෝගකරන්ට කැමැතිය.


හරි තරාදිද හරි බරද හරි ඒඵාවක්ද හරි හිනක්ද නුඹලාට තබාගන්න. මම මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය.


ද්වීප්‍රකාර කළන්පඩි ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; හොර තරාදි හොඳ නැත.


යුතු තුලාවක්ද තරාදිද ස්වාමීන්වහන්සේට අයිතිය; මල්ලේ තිබෙන සියලු කළන්පඩිද උන්වහන්සේගේ වැඩය.


හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය.


ඔහුද: නුඹ අද ඔහු ළඟට යන්නේ මොකටද? අමාවකවත් සබත් දිනයවත් නොවේයයි කීවේය. ඈ ඒකට කමක් නැත කියා,


නුඹලාගේ ප්‍රීති දවසෙහිත් නුඹලාගේ නියම මංගල්‍යවලදීත් නුඹලාගේ මාස් ආරම්භයෙහිදීත් නුඹලාගේ දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකරන කල හොරණෑ පිඹින්න; ඒවා නුඹලාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට සිහිවීමක් පිණිස වන්නේය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.


නුඹ මාගේ ශුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට නුඹේ පාද සබත් දවසේදී නවත්වාගන, සබත් දවස ප්‍රිය එකක්ය කියාද ස්වාමීන්වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය එකක්ය කියාද කියන්නෙහි නම්, නුඹේම මාර්ගවල නොහැසිර නුඹේම කැමැත්ත නොසොයා, හිස් වචන කථා නොකර, ඊට ගෞරවකරන්නෙහි නම්,


එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චයකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න.


තවද: මෙය කොපමණ මහත් වෙහෙසක්දැයි කියා නුඹලා එය සුළුකළහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; තවද කොල්ලකාගත්තාවූද කොරවූද ලෙඩවූද සතුන් නුඹලා ගෙනාවහුය; මෙසේ නුඹලා ගෙනැවිත් ඔප්පුකරන්නහුය. මම නුඹලාගේ අත්වලින් එය පිළිගනිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: සැබවින් නුඹලා මාගේ සබත් රක්ෂාකළ යුතුය. මක්නිසාද නුඹලා විශුද්ධකරන්නාවූ ස්වාමීන්වහන්සේ මමයයි නුඹලා දැනගන්නා පිණිස ඒක නුඹලාගේ පරම්පරාවල නුඹලා සහ මා අතරෙහි ලකුණක්ය.


දාවිත් යොනාතාන්ට කථාකොට: හෙට අමාවක බැවින් මා නොවරදවාම රජ්ජුරුවන් සමඟ කෑමට ඉඳගත යුතුය. නුමුත් තුන්වෙනිදා සවස වෙනතුරු මා කෙතේ සැඟවී සිටින පිණිස මට යන්ට ඉඩ අරින්න.


ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එන ඒඵාවයයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි කීවේය.


ඔහු: මෑ නම් දුෂ්ටකමයයි කියා. ඇය ඒඵාව ඇතුළට හෙළා, එහි කටට ඊයම් බර තැබුවේය.


නුමුත් එප්‍රායිම් කථාකොට: සැබවින් මම පොහොසත්වී සිටිමි, සම්පත් ලබාගන සිටිමි. මාගේ සියලු වැඩ අතරේ පාපයවූ අයුතුකමක් මට තිබෙන බව ඔවුන්ට සම්බ නොවන්නේයයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්