Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 8:11 - Sinhala Revised Old Version

11 බලව, හානියක්, එනම් කෑම හානියක්වත් වතුර පිපාසායක්වත් නොව ස්වාමීන්වහන්සේගේ වචන ඇසීමේ හානියක්, මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “දේශය මුළුල්ලේ මහා සාගතයන් එවන කාලය ළං වන්නේ ය. ඒ සාගින්න කෑම සඳහා නොවේ; පිපාසය වතුර සඳහා නොවේ. එය සමිඳාණන් වහන්සේගේ වචනය ඇසීමට ඇති වන සාපිපාසය වේ. මෙසේ කියන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 “දේශය මුළුල්ලේ මහා සාගතයන් එවන කාලය ළං වන්නේ ය. ඒ සාගින්න කෑම සඳහා නොවේ; පිපාසය වතුර සඳහා නොවේ. එය සමිඳාණන් වහන්සේගේ වචනය ඇසීමට ඇති වන සාපිපාසය වේ. මෙසේ කියන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 8:11
12 හුවමාරු යොමු  

අපේ ලකුණු අපට නොපෙනෙයි. අනාගතවක්තෘ කෙනෙක් තවත් නැත්තේය; කොතෙක් කල්දැයි දන්නාවූ කිසිවෙකුත් අප අතරෙහි නැත.


සාමුවෙල් නම් ළමයා ඒලී ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය. ඒ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ වචනය දුර්ලභවිය; දර්ශන බොහොමයක්ද නොවීය.


බොහෝ කාලයක සිට ඉශ්‍රායෙල්වරු සැබෑවූ දෙවියන්වහන්සේ ද උගන්වන පූජකයෙක්ද ව්‍යවස්ථාවද නැතුව සිටියෝය.


සාවුල් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල ස්වාමීන්වහන්සේ ස්වප්නවලින්වත් ඌරිම්වලින්වත් අනාගතවක්තෲන් ලවාවත් ඔහුට උත්තර නුදුන්සේක.


විපත්තියක් පාසා විපත්තියක්ද ආරංචියක් පාසා ආරංචියක්ද පැමිණෙන්නේය; ඔවුන් අනාගතවක්තෘවරයාගෙන් දර්ශනයක් සොයනවා ඇත; නුමුත් පූජකයාගෙන් ව්‍යවස්ථාවද වැඩිමහල්ලන්ගෙන් මන්ත්‍රණයද නැතිවන්නේය.


උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.


නුඹලා එසේ කරන බැවින් දර්ශනයක් නැතුව නුඹලාට රෑවෙනවා ඇත; පේනකීමක් නැතුව නුඹලාට අන්ධකාරවෙනවා ඇත; අනාගතවක්තෘවරුන්ට ඉර බසිනවා ඇත, දවාලද ඔවුන්ට උඩින් කළුවරවෙනවා ඇත.


එවිට සාමුවෙල්: මා නැගිටවීමෙන් නුඹ මා කැලඹුවේ මක්නිසාදැයි සාවුල්ගෙන් ඇසුවේය. සාවුල්ද: මම තද අමාරුවට පත්ව සිටිමි; පිලිස්තිවරු මට විරුද්ධව යුද්ධකෙරෙති, දෙවියන්වහන්සේ මා කෙරෙන් අහක්ව ගියසේක, උන්වහන්සේ දැන් අනාගතවක්තෲන් කරණකොට ගෙනවත් ස්වප්නවලින්වත් මට උත්තරදෙන්නේ නැත. එබැවින් මා විසින් කළයුතුදේ ඔබ මට දන්වන පිණිස ඔබට අඬගැස්වීමියි කීවේය.


මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.


දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාරවෙති; එහෙත් ව්‍යවස්ථාව රක්ෂාකරන්නා වාසනාවන්තයෙක්ය.


නැත්නම් මම ඈ නග්නකොට, ඈ උපන් දවසේදී මෙන් ඈ සිටුවා, කාන්තාරයක් මෙන් කර, වියළි දේශයක් මෙන් තබා, ඈ පිපාසායෙන් නසන්නෙමි;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්