Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 2:6 - Sinhala Revised Old Version

6 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ධර්මිෂ්ඨයා රිදීවලටත් දිළින්දා වහන් සඟළකටත් වික්කෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔව්හු ණය ගෙවාගන්නට බැරි නිදොස් අය මුදලටත්, දුප්පත් අසරණයන් සෙරෙප්පු දෙකක මිලයට වහල්කමටත් වික්කෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔව්හු ණය ගෙවාගන්නට බැරි නිදොස් අය මුදලටත්, දුප්පත් අසරණයන් සෙරෙප්පු දෙකක මිලයට වහල්කමටත් වික්කෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 2:6
21 හුවමාරු යොමු  

ඔව්හු මාගේ සෙනඟ ගැන පසඇට දමා, පිරිමි ළමයෙකු වේශ්‍යාවක් නිසා දුන්නෝය, ගෑනු ළමයෙකු මුද්‍රිකපානය බොන පිණිස වික්කෝය.


තවද නුඹලා යූදා දරුවන්ද යෙරුසලමේ දරුවන්ද නුඹලාගේ සීමාවෙන් ඈත්කරන පිණිස ඔවුන් ග්‍රීක්වරුන්ගේ පුත්‍රයන්ට වික්කහුය.


ඔව්හු යම් කාරණයකදී මනුෂ්‍යයන් වරදටම පත්කොට දොරටුවේදී අවවාදකරන්නාට මලපතක් තබති, ප්‍රයෝගයෙන් ධර්මිෂ්ඨයාගේ යුක්තියද පෙරළති.


මෙසේ සිද්ධවුණේ ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනොවී, උන්වහන්සේගේ ගිවිසුම වන, ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් අණකළ සියල්ල කඩකළ නිසාය, ඔව්හු ඒවා අසන්ටවත් කරන්ටවත් නොකැමැතිවූහ.


අෂූර්හි රජද ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝෂාන්හි ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචිකෙරෙවුවේය.


එබැවින් බලව, නුඹ ලබාගත් අයුතු ලාභ ගැනත් නුඹ ඇතුළෙහිවූ නුඹේ ලේ වැගිරීම් ගැනත් මාගේ අත් එකට ගසාගතිමි.


අධර්මිෂ්ඨ නියෝග නියමකරගන්නන්ටද අයුක්ති සටහන්කර තබන්නන්ටද දුක් වේ!


ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නුමුත් වරදට පත් නොවී සිටිති; උන් විකුණන්නෝද කථාකොට–ස්වාමීන්වහන්සේට ස්තුතිවේවා, මම පොහොසත්යයි කියති. ඔවුන්ගේ එඬේරුද උන්ට කරුණා නොකරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්