Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 2:2 - Sinhala Revised Old Version

2 ඒ නිසා මම කෙරියොත් විනාශකරන ගින්නක් මෝවබ්ට අරින්නෙමි; මෝවබ්වරු කෝලාහලද ඝෝෂාවද හොරණෑ ශබ්දයද ඇතුව මැරෙන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 මම මෝවබ් දේශය පිට ගින්නක් එවා කෙරියොත්හි බලකොටු දවා අළු කර දමමි. හේවායන්ගේ ගෝරනාඩුව හා හොරණෑවල බෙරිහන්දීමත් සමඟ යුද්ධ ඝෝෂාව මැද මෝවබ් වැසියන් විනාශ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 මම මෝවබ් දේශය පිට ගින්නක් එවා කෙරියොත්හි බලකොටු දවා අළු කර දමමි. හේවායන්ගේ ගෝරනාඩුව හා හොරණෑවල බෙරිහන්දීමත් සමඟ යුද්ධ ඝෝෂාව මැද මෝවබ් වැසියන් විනාශ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 2:2
8 හුවමාරු යොමු  

නගරවල් අසුවිය, බලකොටුද අල්ලාගනු ලැබීය, ඒ දවසේ මෝවබ්හි බලවතුන්ගේ සිත බිහිකරන ස්ත්‍රියෙකුගේ සිත මෙන් වන්නේය.


කෙරියෝත්ද බොශ්රාද පිටටත් මෝවබ් දේශයේ සියලුම නුවරවල් පිටටත් ඒවා දුර වුවත් ළඟ වුවත් විනිශ්චය පැමිණ තිබේ.


ඒ නිසා යුද්ධ දවසේ ඝෝෂාවද සුළිහුළං දවසේ කුණාටුවද ඇතුව, රබ්බාහි මාළිගාව විනාශකරන ගින්නක් එහි පවුර පිට අවුළුවන්නෙමි.


හෙෂ්බොන්හි කෑගැසීමට එලෙයාලේද යහශ්ද දක්වාත්, ශෝවර් සිට හොරොනායිම්ද එග්ලත්-ෂෙලීෂියද දක්වාත්, ඔව්හු තමුන්ගේ හඬ පැවැත්වුවෝය. මක්නිසාද නිම්රීම්හි ජල පවා සිඳීයන්නේය.


තවද කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සියලු යුද්ධ වහන්ද ලෙයෙහි පෙඟු වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය.


පලාගිය අය හෙෂ්බොන්හි සෙවණෙහි බලය නැතුව සිටිති. මක්නිසාද හෙෂ්බොන්හි සිට ගින්නක් ද සීහොන් ඇතුළෙන් ගිනිදළුවක්ද නික්ම ඇවිත්, මෝවබ් පළාත සහ ඝෝෂාකාර පුත්‍රයන්ගේ හිස්මුදුන්ද දවාදැමුවේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යූදා වංශය සියලු ජාතීන් වාගේයයි මෝවබ් සහ සේයිර්ද කියන නිසා,


ඒ නිසා මම බෙන්-හදද්ගේ මාළිගා නාස්තිකරන ගින්නක් හසායෙල්ගේ ගෙදරට අරින්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්