Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 1:12 - Sinhala Revised Old Version

12 ඒ නිසා මම බොශ්රාහි මාළිගා විනාශකරන ගින්නක් තේමාන්ට අරින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එබැවින් මම තේමාන් පිට ගින්නක් එවමි. එයින් බොශ්රාහි බලකොටු දවා අළු කර දමමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එබැවින් මම තේමාන් පිට ගින්නක් එවමි. එයින් බොශ්රාහි බලකොටු දවා අළු කර දමමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 1:12
14 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ ඒදොමට විරුද්ධව කරගත් මන්ත්‍රණයද තේමාන්හි වැසියන්ට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත; සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.


ඒදොම ගැනය. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: තේමාන්හි තවත් ප්‍රඥාව නැද්ද? බුද්ධිමත් අය අතරෙන් මන්ත්‍රණය නැතිවීද? ඔවුන්ගේ ප්‍රඥාව පහවගියාද?


බලව, ඔහු රාජාලියෙකු මෙන් නැගී ඉගිලී ඇවිත්, බොශ්රා පිට තමාගේ පියාපත් විදහනවා ඇත. ඒ දවසේ ඒදොමේ බලවතුන්ගේ සිත බිහිකරන ස්ත්‍රියෙකුගේ සිත මෙන් වන්නේය.


මක්නිසාද බොශ්රා විස්මයක්ද නින්දාවක්ද පාළුවක්ද ශාප-වචනයක්ද එහි සියලු නුවරවල් සදාකාල පාළු ඉඩම්ද වන්නෝයයි මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේගේ කඩුව ලෙයින් පිරී තිබේ, ඒක තෙලින්ද බැටළු පැටවුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින්ද බැටළුවන්ගේ වකුගඩු තෙලින්ද තරවී තිබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේට බොශ්රාහි පූජාවක්ද ඒදොම් දේශයෙහි මහත් මරාදැමීමක්ද තිබේ.


බෙලා මළේය, ඔහු වෙනුවට බොශ්රායේ ශෙරාගේ පුත්‍රවූ යෝබාබ් රජකම්කෙළේය.


එලිඵස්ගේ පුත්‍රයෝ තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස්ය.


මක්නිසාද මාගේ කඩුව උදහසින් ස්වර්ගයෙහි නෑවී තිබේ. බලව, ඒක විනිශ්චය පිණිස ඒදොම පිටටත් මා විසින් ශාපයට කැපකළාවූ සෙනඟ පිටටත් බසින්නේය.


ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ඒදොම්ට විරුද්ධව මාගේ අත දිගුකොට, එතනින් මනුෂ්‍යයන්ද මෘගයන්ද සිඳදමා, තේමාන් පටන් දෙදාන් දක්වා ඒක පාළුවක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් වැටෙනවා ඇත.


ඔබදියාගේ දර්ශනයය. ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදොම් ගැන මෙසේ කියනසේක: නැගිටින්න, අපි ඈට විරුද්ධව යුද්ධයට නැගිට යමුයයි කියන්ට ජාතීන් අතරට පණිවිඩකාරයෙක් අරිනු ලැබුවේය යන ආරංචිය ස්වාමීන්වහන්සේ වෙතින් ලැබීමුව.


දෙවියන්වහන්සේ තේමාන් සිටද ශුද්ධ තැනන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරුණේය.


බෙලා මැරුණායින් පසු බොශ්රාහි සෙරාගේ පුත්‍රවූ යෝබාබ් ඔහු වෙනුවට රජකම්කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්