Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 8:18 - Sinhala Revised Old Version

18 යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 8:18
18 හුවමාරු යොමු  

අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත් යූදාට අයිති පළාතටත් කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධව යුද්ධකෙළෙමුව; ශික්ලග් ගින්නෙන් පුලුස්සා දැමීමුයයි කීවේය.


යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් ප්‍රධානියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද රජු වෙත ප්‍රධානියෝව සිටියෝය.


යෝවාබ් මුළු ඉශ්‍රායෙල් සේනාවට අධිපතියාය. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් අධිපතියාය.


එවිට යෝවාබ්ගේ මිනිස්සුද කෙරෙතිවරුද පෙලෙතිවරුද සියලු බලවන්තයෝද ඔහු පස්සේ පිටත්ව ගියෝය. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු යෙරුසලමෙන් නික්ම ගියෝය.


ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟින් පැත්තෙන් ගියෝය. සියලු කෙරෙතිවරුද සියලු පෙලෙතිවරුද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තියයන්වූ මනුෂ්‍යයන් හසියයක්ද ඔහුට පෙරටුවෙන් ගියෝය.


රජ ඔහු සමඟ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද යැවුවේය, ඔව්හු රජුගේ අශ්වතරයා පිට ඔහු නැංගෙවුවෝය.


මෙසේ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවිත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගන ගීහොන්ට ගියෝය.


මුහුදුබඩ වැසියන් වන කෙරෙතිය ජාතියට දුක්වේ! එම්බා පිලිස්තිවරුන්ගේ දේශය වන කානාන්, ස්වාමීන්වහන්සේගේ වචනය නුඹට විරුද්ධව තිබේ; වැසියෙක් නොසිටින ලෙස නුඹ විනාශකරන්නෙමි.


මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධව දිගුකොට, කෙරෙතිවරුන් සිඳදමා, මුහුදුබඩ ඉතිරිව සිටින්නන් නැතිකරන්නෙමි.


යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා සේනාපතියාය; ශාදොක්ද අබියාතර්ද පූජකයෝය;


යායිර්හි ඊරාත් දාවිත්ගේ මන්ත්‍රීවරයෙක්ය.


නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද ෂිමෙයිද රේයිද දාවිත්ට අයිති බලවන්තයෝද අදොනියා සමඟ නොවූහ.


සාලමොන් රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවීය; ඔහු ඔහුට ගසා මැරුවේය.


බලවත් ක්‍රියාවල් කළාවූ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී බැස ගොස් වළක් ඇතුළෙහි සිංහයෙකුත් මැරුවේය.


නාතාන්ගේ පුත්‍රවූ අශරියා මූලාදෑනීන්ගේ නායකයාය; නාතාන්ගේ පුත්‍රවූ සාබූද් ඇමතියෙක්ව රජුගේ මිත්‍රයාව සිටියේය;


සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා පණිවිඩ යවා කාරියවරුන්ගේද මුරකාරයන්ගේද ශතාධිපතීන් ගෙන්වා ස්වාමීන්වහන්සේගේ ගෘහයට තමා ළඟට පමුණුවාගෙන, ඔවුන් සමඟ ගිවිසුමක්කොට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිදී ඔවුන්ගෙන් දිවුරුම්ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්