Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 7:17 - Sinhala Revised Old Version

17 මේ සියලු වචනවල හැටියටත් මේ මුළු දර්ශනය ලෙසත් නාතාන් දාවිත්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මේ සියලු වචනවල හැටියටත්, මේ මුළු දර්ශනයේ හැටියටත් නාතාන් දාවිත්ට දැන්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මේ සියලු වචනවල හැටියටත්, මේ මුළු දර්ශනයේ හැටියටත් නාතාන් දාවිත්ට දැන්විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 7:17
7 හුවමාරු යොමු  

මේ සියලු වචන ප්‍රකාරයටත් මේ මුළු දර්ශනයේ ප්‍රකාරයටත් නාතාන් දාවිත්ට කීවේය.


ඉතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට භාරදුනිමි, එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත්,


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


ප්‍රයෝජනවත්වූ කිසි දෙයක් ප්‍රකාශකිරීමෙන් නොවැලකී, ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින්,


රජ ප්‍රොපේතවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම දැන් කිහිරි ලී ගෙයක වසමි, එහෙත් දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිර ඇතුළේ වාසයකරනවායයි කීවේය.


නුඹේ වංශයද රජකමද නුඹ ඉදිරියෙහි සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය. නුඹේ සිංහාසනයද සදාටම පිහිටුවනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.


එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්