Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 6:8 - Sinhala Revised Old Version

8 ස්වාමීන්වහන්සේ උස්සාට පහරදුන් බැවින් දාවිත් ඛෙදයට පත්වී ඒ ස්ථානයට පෙරෙශ්-උස්සා යන නම තැබුවේය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සමිඳාණන් වහන්සේ උශ්ශාට පහර දුන් බැවින්, දාවිත් ශෝකයට පත් වී ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අරුත ඇති පෙරෙශ්-උශ්ශා යන නම තැබුවේ ය. ඒ නාමය අද දක්වා පවතී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සමිඳාණන් වහන්සේ උශ්ශාට පහර දුන් බැවින්, දාවිත් ශෝකයට පත් වී ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අරුත ඇති පෙරෙශ්-උශ්ශා යන නම තැබුවේ ය. ඒ නාමය අද දක්වා පවතී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 6:8
6 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය.


ඒ නාමය අද දක්වා පවතී. ඒ දවසේදී දාවිත් ස්වාමීන්වහන්සේට භයව: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා ළඟට එන්නේ කෙසේදැයි කීවේය.


පළමු වතාවේදී ඒක ගෙනා අය නුඹලා නොවූ බැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට පහරදුන්සේක, මක්නිසාද නියෝගය ලෙස අපි උන්වහන්සේ නොසෙවුවෙමුයයි කීවේය.


නුමුත් යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව, කෝපවිය.


ලබුවැල ගැන කෝපවෙන්ට නුඹට යුතුදැයි දෙවියන්වහන්සේ යෝනාට කීසේක. මැරෙන තරම් කෝපවෙන්ට මට යුතුයයි ඔහු කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්