Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 6:3 - Sinhala Revised Old Version

3 ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය හෙලෙහි තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් අලුත් ගැළක තබා ගෙනාවෝය. අබිනාදාබ්ගේ පුත්‍රයෝවූ උස්සාද අහියෝද අලුත් ගැළ දැක්කුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔව්හු හෙල මත පිහිටා තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අලුත් රථයක තබා ගෙනාවෝ ය. අබිනාදාබ්ගේ පුත්‍රයන් වන උශ්ශා ද අහියෝ ද අලුත් රථය දක්කාගෙන ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔව්හු හෙල මත පිහිටා තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අලුත් රථයක තබා ගෙනාවෝ ය. අබිනාදාබ්ගේ පුත්‍රයන් වන උශ්ශා ද අහියෝ ද අලුත් රථය දක්කාගෙන ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 6:3
6 හුවමාරු යොමු  

ඉතින් දැන් අලුත් ගැළක් සාදාගන, වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු රැගෙන ගැළට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් අරන් ගෙයි නවත්වා,


කිරියත්-යෙයාරීම් මනුෂ්‍යයෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන හෙල පිට තිබුණු අබිනාදාබ්ගේ ගෙට ගෙනගොස්, ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රක්ෂාකරන පිණිස ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් පත්කළෝය.


පළමු වතාවේදී ඒක ගෙනා අය නුඹලා නොවූ බැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට පහරදුන්සේක, මක්නිසාද නියෝගය ලෙස අපි උන්වහන්සේ නොසෙවුවෙමුයයි කීවේය.


බලව, එප්‍රාතාහිදී එපවත් ඇසීමුව. වන පෙදෙසේහි එය අපට සම්බවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්