Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 3:20 - Sinhala Revised Old Version

20 මෙසේ අබ්නේර්ද ඔහු සමඟ මනුෂ්‍යයන් විසිදෙනෙක්ද හෙබ්‍රොන්හි සිටි දාවිත් ළඟට පැමුණුණෝය. දාවිත් අබ්නේර්ටන් ඔහු සමඟ සිටි මනුෂ්‍යයන්ටත් මංගල්‍යකෑමක් පිළියෙළ කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මෙසේ අබ්නේර් ද ඔහු සමඟ මිනිස්සු විසිදෙනෙක් ද හෙබ්‍රොන්හි සිටි දාවිත් ළඟට පැමිණියෝ ය. දාවිත් අබ්නේර්ටත්, ඔහු සමඟ සිටි මිනිසුන්ටත් භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මෙසේ අබ්නේර් ද ඔහු සමඟ මිනිස්සු විසිදෙනෙක් ද හෙබ්‍රොන්හි සිටි දාවිත් ළඟට පැමිණියෝ ය. දාවිත් අබ්නේර්ටත්, ඔහු සමඟ සිටි මිනිසුන්ටත් භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 3:20
6 හුවමාරු යොමු  

ඔහු ඔවුන්ට මංගල්‍ය කෑමක් පිළියෙළකෙළේය, ඔව්හුද කෑවෝය, බීවෝය.


තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය.


අබ්නේර් බෙන්යමින්වරුන් සමඟත් කථාකෙළේය. ඉන්පසු අබ්නේර් ඉශ්‍රායෙල්වරුන්ටද මුළු බෙන්යමින් වංශයටද හොඳව පෙනුණු සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ටත් කියන්ට ගියේය.


අබ්නේර් දාවිත්ට කථාකොට: මම පිටත්ව ගොස් සියලු ඉශ්‍රායෙල්වරුන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙතට රැස්කරගන එන්නෙමි, මෙසේ ඔබගේ සිතට ආසා ඇති සියල්ලන් කෙරෙහි ඔබ රජකම්කරනවා ඇතැයි කීවේය. දාවිත් අබ්නේර් යන්ට ඇරියේය; ඔහු සමාදානයෙන් ගියේය.


තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පාර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතීන්ටද රටවල උත්තමයන්ටද අධිපතීන්ටද තමා ඉදිරියෙහි මංගල්‍ය කෑමක් දුන්නේය.


අබීගායිල් නාබල් ළඟට පැමිණිවිට, රාජ මංගල්‍යයක් මෙන් ඔහු තමාගේ ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේය; තවද නාබල්ගේ සිත ප්‍රීතිමත්ව තිබුණේය, මක්නිසාද ඔහු හොඳටම මත්වී සිටියේය. එබැවින් පසුවදා එළිවෙන තුරු ඈ කිසිවක් ඔහුට දැන්නුවේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්