Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 23:8 - Sinhala Revised Old Version

8 දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාම මේවාය: අධිපතීන්ට ප්‍රධානවූ තාකෙමොනිය යොෂෙබ්-බෂ්ෂෙබෙත්ය; ඔහු එක් වතාවකදී අටසිය දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 23:8
8 හුවමාරු යොමු  

පළමුවෙනි මාසයට පංක්තිය කෙරෙහි සබ්දියෙල්ගේ පුත්‍රවූ යාෂොබෙයාම් පත්ව සිටියේය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


දාවිත්ගේ මාමාවූ යොනාතාන් මන්ත්‍රීයෙක්ව තේරුම් ඇති මනුෂ්‍යයෙක්ව ලියන්නෙක්ව සිටියේය. හක්මෝනිගේ පුත්‍රවූ යෙහීයෙල් රජුගේ පුත්‍රයන් සමඟ සිටියේය.


නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද ෂිමෙයිද රේයිද දාවිත්ට අයිති බලවන්තයෝද අදොනියා සමඟ නොවූහ.


ඉශ්‍රායෙල් ගැන ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට දාවිත් රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ඔහුගේ රජකම ගැන ඔහුට උපකාරකළ ප්‍රධාන බලවන්තයෝ මොව්හුය.


ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගුකොට ඒක ගෙන එයින් මිනිසුන් දහසක් මැරීය.


දාවිත් ඒ අසා යෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවුවේය.


අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට ඇතුළට ආවාවූද, පිටතට ගියාවූද, පංක්තිවල සියලු කාරණා ගැන රජුට සේවයකළාවූද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගෙත් සහස්‍රාධිපතීන්ගෙත් ශතාධිපතීන්ගෙත් ඔවුන්ගේ මුලාදෑනීන්ගෙත් ගණන නම් එක එක පංක්තියට විසිහතර දහසක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්