Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 23:19 - Sinhala Revised Old Version

19 තුන්දෙනා අතරෙන් ඔහු ඉතා ගරුතර තැනැත්තා නොවේද? එබැවින් ඔහු ඔවුන්ගේ අධිපතියා කරනලද්දේය. එසේ වුවත් ඔහු පළමුවෙනි තුන්දෙනාගේ ප්‍රමාණයට නොපැමිණියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 තුන්දෙනා අතරෙන් ඔහු ඉතා කීර්තිමත් තැනැත්තා වෙමින්, ඔවුන්ගේ ප්‍රධානියා විය. එසේ වුවත්, ඔහු පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො‍ වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 තුන්දෙනා අතරෙන් ඔහු ඉතා කීර්තිමත් තැනැත්තා වෙමින්, ඔවුන්ගේ ප්‍රධානියා විය. එසේ වුවත්, ඔහු පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො‍ වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 23:19
9 හුවමාරු යොමු  

සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි කීසේක.


තවත් සමහරක් සරු බිමෙහි වැටී, එකෙන් සියයක්ද එකෙන් සැටක්ද එකෙන් තිහක්ද බැගින් ඵල දුන්නේය.


සූර්යයාගේ තේජස එකක්ය, චන්ද්‍රයාගේ තේජස අනිකක්ය, තාරකාවන්ගේ තේජස තවත් එකක්ය; මක්නිසාද තේජසින් තාරකාවක් තාරකාවකට වෙනස්ය.


ඔහු ඒ තිස්දෙනාට වඩා ගරුතර කෙනෙක් වීය, ඒ නුමුත් ඔහු පළමුවෙනි තුන්දෙනාගේ ගණනට පැමුණුණේ නැත. දාවිත් තමාගේ මුර හමුදාව කෙරෙහි ඔහු පත්කෙළේය.


එවිට ඒ බලවන්තයන් තුන්දෙනා පිලිස්තිවරුන්ගේ සේනාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් ඔහු ඒවා බොන්ට අකැමැතිව ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට:


ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේදී ගොස් දාවිත් සිටි අදුල්ලම් ගුහාවට බැස ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන උන්නාහ.


ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර්ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස්ව සිටිද්දී ඒ ස්ථානයෙහි දාවිත් සමඟ සිට ඔවුන්ට මිග කී බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය, ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද ගොස් සිටියෝය.


ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නාමයක් ලැබීය.


මහත් ක්‍රියාවල් කළාවූ, කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙන්නා මැරුවේය. හිම වැටෙන දවසකදී ඔහු බැස ගොස් වළක් ඇතුළෙහිදී සිංහයෙකු මැරුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්