Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 22:47 - Sinhala Revised Old Version

47 ස්වාමීන්වහන්සේ ජීවත්ව සිටිනසේක; මාගේ පර්වතයාණන්ට ප්‍රශංසා වේවා; මාගේ ගැළවීමේ පර්වතය වන දෙවියන්වහන්සේ උසස්වනසේක්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 සමිඳාණෝ ජීවමාන ය; මාගේ පර්වතයාණන්ට ප්‍රශංසා වේ වා! මාගේ ගැළවීමේ පර්වතය වන දෙවිඳාණෝ උසස් වන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 සමිඳාණෝ ජීවමාන ය; මාගේ පර්වතයාණන්ට ප්‍රශංසා වේ වා! මාගේ ගැළවීමේ පර්වතය වන දෙවිඳාණෝ උසස් වන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 22:47
7 හුවමාරු යොමු  

ඔහු මට මොරගසා: ඔබ මාගේ පියාණෝය, මාගේ දෙවියන්වහන්සේය, මාගේ ගැළවීමේ පර්වතයයයි කියන්නේය.


මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය, මාගේ රක්ෂාස්ථානයය; මාගේ ගැළවුම්කාරයාණෝය, බලාත්කාරකමෙන් ඔබ මා ගළවනසේක.


එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.


මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්විය.


මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ වර්ණනාකරන්නෙමි; මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ උසස්කරන්නෙමි.


මමද ඔහු මාගේ කුලුඳුලා කොටද පොළොවේ රජුන්ට උත්තමයා කොට ද තබන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්