Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 22:34 - Sinhala Revised Old Version

34 උන්වහන්සේ මාගේ පාද මුවදෙනුන් ගේ පාද මෙන් කරනසේක. මාගේ උස් තැන්වල මා පිහිටුවනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එතුමාණෝ මාගේ පාද මුව දෙනුන්ගේ පාද මෙන් කරන සේක. කඳු මුදුන්හි මා සුරක්ෂිත ව තබන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එතුමාණෝ මාගේ පාද මුව දෙනුන්ගේ පාද මෙන් කරන සේක. කඳු මුදුන්හි මා සුරක්ෂිත ව තබන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 22:34
7 හුවමාරු යොමු  

නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය; මමද පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට නුඹට සලස්වා, නුඹේ පියවූ යාකොබ්ගේ උරුමයෙන් නුඹ පෝෂණයකරන්නෙමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය ඒක වදාළේය.


උන්වහන්සේ ඔහු පොළොවේ උස් තැන් පිට නැගීයන්ට සැලැස්වූ සේක, ඔහුද කෙතේ අස්වැන්න කෑයේය; පර්වතයෙන් මීපැණිද ගිනිගල් පර්වතයෙන් තෙල්ද උන්වහන්සේ ඔහුට පෙවූසේක;


ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක. [නායක ගායනාකරුටය, මාගේ වීණා ඇතුව ගීතිකාකිරීමටය.]


ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.


උසස්ථානවල වාසයකරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.


නුඹේ අගුල් පොලු යකඩ සහ පිත්තලය; නුඹේ ශක්තියද නුඹේ දවස් මෙන් වන්නේය.


තවද දාවිත්ගේ අන්තිම වචන මේවාය. යෙස්සේගේ පුත්‍රයාද උසස්කරනු ලැබූ මනුෂ්‍යයාද යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉශ්‍රායෙල්ගේ මිහිරි ගීතිකාකාරයාදවූ දාවිත් මෙසේ කියන්නේය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්