Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 22:21 - Sinhala Revised Old Version

21 ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක. මාගේ අත්වල පිරිසිදුකම ලෙස මට ප්‍රතිඵල දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව මට විපාක දුන් සේක. මාගේ නිදොස්කම අනුව මට ප්‍රතිඵල දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව මට විපාක දුන් සේක. මාගේ නිදොස්කම අනුව මට ප්‍රතිඵල දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 22:21
13 හුවමාරු යොමු  

පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තාවූ, තමාගේ ආත්මය නිෂ්ඵලකමට යොමුනොකළාවූ, වංචාවෙන් නොදිවුළාවූ තැනැත්තේමය.


ස්වාමීන්වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ ධර්මිෂ්ඨකමද විශ්වාසකමද ලෙස විපාකදෙනසේක්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඔබ මා අතට පාවාදුන් නුමුත් මම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව මාගේ අත දිගුකරන්ට නොකැමැතිවීමි.


ස්වාමීන්වහන්සේ මනුෂ්‍යජාතීන්ට යුක්තිය සලසා දෙනසේක. ස්වාමිනි, මාගේ ධර්මිෂ්ඨකම හා මා තුළ පවතින අවංකකම පරිද්දෙන් මා විනිශ්චයකළ මැනව.


ඔබ ස්වර්ගයෙහි සිට අසා ක්‍රියාකරමින්, දුෂ්ටයා වරදට පත්කර, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා, ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළමැනව.


දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න.


එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.


තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.


එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.


එබැවින් ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙසත් උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිවූ මාගේ පිරිසිදුකම ලෙසත් මට ප්‍රතිඵල දුන්සේක.


බලව, ධර්මිෂ්ඨයා පොළොවේදී ප්‍රතිඵල විඳින්නේය; ඊට කොපමණ වැඩියෙන් දුෂ්ටයාටත් පව්කාරයාටත් විපාක නොලැබෙන්නේද!


සාලමොන් කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත් ඔබ ඉදිරියෙහි සැබෑකමෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ඔබ සමඟ සිතේ අවංකකමින්ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහත්වූ කරුණාව පෙන්වූසේක; තවද අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය පිට හිඳින්ට ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහත් කරුණාවත් ඔබ ඔහුට දෙන්ට ඉතුරුකරගන සිටිසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්