Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 21:15 - Sinhala Revised Old Version

15 නැවත ඉශ්‍රායෙල් සමඟ පිලිස්තිවරුන්ගේ යුද්ධයක් විය; දාවිත්ද තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන්කෙළේය. දාවිත් විඩාවට පැමිණියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිලිස්තිවරු යළිත් යුද්ධයක් කළහ. දාවිත් තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කෙළේ ය. දාවිත් විඩාවට පත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිලිස්තිවරු යළිත් යුද්ධයක් කළහ. දාවිත් තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කෙළේ ය. දාවිත් විඩාවට පත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 21:15
14 හුවමාරු යොමු  

ඒ කාලයෙහි ගෙයි රැකවල්ලු වෙවුලන්නෝය, බලවන්තයෝ නැමෙන්නෝය, අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය, කවුළුවලින් බලන්නෝ අඳුරුවන්නෝය;


මහලු වයසේදී මා ඉවත නොහළ මැනව; මාගේ ශක්තිය පිරිහෙන කල මා අත්නෑරිය මැනව.


ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙසෙර්හි යුද්ධයක් හටගත්තේය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ සිප්පයි මැරුවේය. ඔව්හු යටත්කරනු ලැබුවෝය.


දාවිත් ස්වාමීන්වහන්සේ අණකළ හැටියට කොට ගෙබාහි සිට ගෙසෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේය.


පිලිස්තිවරු නැවතත් ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය.


දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනලද බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය; දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේය.


මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.


දෙවියන්වහන්ස, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශකරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.


එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.


ඉන්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගෙන, අගනුවර ප්‍රධානකම පිලිස්තිවරුන් අතින් පැහැර ගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්