Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 20:19 - Sinhala Revised Old Version

19 මම වනාහි සමාදානය හා විශ්වාසයෙන් යුක්තවූ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක්කෙනෙකි. ඔබ ඉශ්‍රායෙල්හි නුවරක්ද මවුකෙනෙක්ද නැතිකරන්ට හදන්නෙහිය. ස්වාමීන්වහන්සේගේ උරුමය නාස්තිකරන්නේ මක්නිසාදැයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 අපේ නගරය, ඉශ්රායෙල්හි ඇති ඉතා සාමකාමී, විශ්වාසදායී නගරයක් බව ප්‍රසිද්ධ ය. ඉශ්රායෙල්හි මවු බිමක් වැනි නගරයක් විනාශ කරන්නට ඔබ උත්සාහ කරන්නෙහි ය. සමිඳාණන් වහන්සේගේ උරුමය ඔබ නාස්ති කරන්නේ කුමක් නිසා දැ”යි ඇසුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 අපේ නගරය, ඉශ්රායෙල්හි ඇති ඉතා සාමකාමී, විශ්වාසදායී නගරයක් බව ප්‍රසිද්ධ ය. ඉශ්රායෙල්හි මවු බිමක් වැනි නගරයක් විනාශ කරන්නට ඔබ උත්සාහ කරන්නෙහි ය. සමිඳාණන් වහන්සේගේ උරුමය ඔබ නාස්ති කරන්නේ කුමක් නිසා දැ”යි ඇසුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 20:19
29 හුවමාරු යොමු  

එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: නුඹ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැඳී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.


දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: නුඹලා උදෙසා කුමක් කරම්ද නුඹලා ස්වාමීන්වහන්සේගේ උරුමයට ආශීර්වාදකරන පිණිස මා මොන දෙයකින් සමඟිකමක්කළ යුතුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.


සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.


එබැවින් දැන් ඉක්මනින් පණිවිඩයක් යවා: රජුද ඔහු සමඟ මුළු සෙනඟද නැතිනොවන පිණිස අද රෑ කාන්තාරයේ සමභූමිවල නොනැවතී කොහොම නුමුත් එගොඩවෙන්ට ඕනෑයයි දාවිත්ට දන්වන්නැයි කීවේය.


එසේය, මේ කූඩාරමේ සිටින්නාවූ අපි බර උසුලමින් කෙඳිරිගාමුව; මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීයවූ එක ජීවනයෙන් ගිලිනු ලබන පිණිස, අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමුව.


දිරන සුලුවූ මේක නොදිරන භාවයටත් මරණීයවූ මේක අමරණීයභාවයටත් පැමිණි කල්හි: මරණය ජයෙන් ගිලිනාලද්දේයයි ලියා තිබෙන වචනය සම්පූර්ණවේ.


නුඹේ සියලු සතුරෝ නුඹට විරුද්ධව තමුන්ගේ මුඛය විදහා, පරිහාසකොට, දත්මිටිකති; අපි ඈ නටබුන්කෙළෙමුව, සැබවින්ම අප බලා සිටි දවස මේය; අපි ඊට පැමිණ දුටිමුයයි කියති.


ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්‍රායෙල් නටබුන් කළසේක; උන්වහන්සේ ඇගේ සියලු මාළිගා නටබුන්කොට, ඔහුගේ බලකොටු විනාශකළසේක. යූදා දුව කෙරෙහි වැලපීමත් ශෝකයත් වැඩිකළසේක.


ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට, යාකොබ්ගේ සියලු වාසස්ථාන නටබුන්කළසේක; උන්වහන්සේ තමන් කෝපයෙන් යූදා දුවගේ බලකොටු බිඳහෙළූසේක; ඒවා බිමටම ගෙනාසේක. උන්වහන්සේ රාජ්‍යයද එහි අධිපතීන්ද කෙලහූසේක.


මම බබිලෝනියේදී බේල්ට දඬුවම්කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට නික්මවන්නෙමි; ජාතීහු ඔහු වෙතට තවත් ගලාගන නොයන්නෝය. එසේය, බබිලෝනියේ පවුර වැටෙන්නේය.


බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් මා කාදමා, මා නාස්තිකොට, මා හිස් භාජනයක් කෙළේය, ඔහු දීර්ඝයෙකු මෙන් මා ගිල, මාගේ ප්‍රියවූ දේවලින් තමාගේ බඩ පුරවාගෙන, මා අහකදැම්මේය.


ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු කල, ඔවුන් අප පණපිටින් ගිලගන්ට තිබුණේය.


දෙබොරානම් මා නැගිටින තෙක්, මා ඉශ්‍රායෙල්හි මවක් ව නැගිටිනතෙක්, ඉශ්‍රායෙල්හි ප්‍රධානියෝ නැතුව සිටියෝය. නැතුවම සිටියෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කොටස නම් ස්වකීය සෙනඟය; යාකොබ් උන්වහන්සේගේ උරුම කොටසය.


ඒ සමාගම නැසුණු කල්හි එනම් ගින්නෙන් දෙසිය පනස් දෙනෙක් විනාශවූ කල්හි භූමිය ඇගේ මුඛය ඇර කෝරා සමඟ ඔවුන් ගිලගත්තාය. එසේ ඔව්හු අවවාද ලකුණක් වූහ.


පොළොව ඇගේ මුඛය ඇර ඔවුන්ද ඔවුන්ගේ පවුල්ද කෝරාට අයිති සියලු මනුෂ්‍යයන්ද ඔවුන්ගේ සියලු සම්පත්ද ගිලගත්තාය.


ආබ්‍රහම් ළංව: ඔබ දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශකරනසේක්ද?


නුඹ නුවරකට විරුද්ධව සටන්කරන්ට ළංවන කල්හි ඊට සමාදානය ප්‍රකාශකරන්න.


මක්නිසාද දෙවියන්වහන්සේගේ උරුමයෙන් මාත් මාගේ පුත්‍රයාත් එක වරම නැතිකර දමන්ට හදන මනුෂ්‍යයාගේ අතින් තමන්ගේ දාසිය ගළවන්ට රජ්ජුරුවන් ඇහුම්කන්දෙනවා ඇතැයි මම සිතුවෙමි.


එවිට ඈ කථාකොට: ඔව්හු සැබවින්ම ආබෙල්හිදී විචාරන්නෝය කියා කථාකරන්ට පුරාණ කාලයේදී මනුෂ්‍යයෝ පුරුදුව සිටියෝය. එසේ ඔව්හු කාරණය තීන්දුකළෝය.


යෝවාබ් උත්තරදෙමින්: නැති නාස්ති කිරීම මාගෙන් දුරුවේවා, දුරුවේවා.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබ අපේ පියවරුන් මිසරයෙන් ගෙනාවිට ඔබගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා කථාකෙරෙවු ප්‍රකාරයට, ඔබට උරුමයක් කොට ඔබම පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ඔවුන් වෙන් කරගත්සේකැයි කීවේය.


ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ ඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාද ලද්දෝය.


උන්වහන්සේ තමන්ගේ සෙනඟවූ යාකොබ් සහ ස්වකීය උරුමයවූ ඉශ්‍රායෙල් පෝෂණයකරන පිණිස කිරි දෙන බැටළු දෙනුන් අනුව යාමෙන් ඔහු ගත්සේක.


ස්වාමිනි, ඔබගේ සෙනඟ කෙරෙහි පවත්වන කරුණාවෙන් මා සිහිකළමැනව; ඔබගේ ගැළවීම මට ගෙනදුන මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්