Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 2:7 - Sinhala Revised Old Version

7 එබැවින් නුඹලාගේ අත් බලවත් වේවා. නුඹලා වික්‍රමාන්විතව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමිවූ සාවුල් මළේය, ඇරත් යූදා වංශය තමුන් කෙරෙහි රජකොට මා ආලේපකෙළේයයි කියන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එබැවින් ඔබේ අත් බලවත් වේ වා! වික්‍රමාන්විත ව සිටින්න. මන්ද, ඔබේ ස්වාමි වූ සාවුල් මිය ගිය නමුත්, ජුදා වංශය කෙරෙහි රජු වශයෙන් ඔව්හු මා අභිෂේක කළහ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එබැවින් ඔබේ අත් බලවත් වේ වා! වික්‍රමාන්විත ව සිටින්න. මන්ද, ඔබේ ස්වාමි වූ සාවුල් මිය ගිය නමුත්, ජුදා වංශය කෙරෙහි රජු වශයෙන් ඔව්හු මා අභිෂේක කළහ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 2:7
12 හුවමාරු යොමු  

ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.


ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය.


සියලු වික්‍රමාන්විත මනුෂ්‍යයෝ නැගිට, මුළු රාත්‍රියේ ගොස්, බෙත්-ෂාන්හි පවුරෙන් සාවුල්ගේ මළකඳද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන්ද රැගෙන යාබෙෂ්ට ඇවිත්,


ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පලා ගිය බවත් සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද මැරුණ බවත් මිටියාවතට මෙහායින්ද යොර්දානෙන් මෙගොඩද සිටි ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දැක නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසයකළෝය.


පිලිස්තිවරුනි, ශක්තිමත්ව පුරුෂයන්මෙන් සිටින්න, හෙබ්‍රෙව්වරුන් නුඹලාට මෙහෙකරුවන් වූ ලෙස නුඹලා ඔවුන්ට මෙහෙකරුවන් නොවන පිණිස පුරුෂයන් මෙන් සිට සටන්කරන්නැයි කීවෝය.


මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.


අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.


දැන් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාවත් සැබෑකමත් පෙන්වනසේක්වා. නුඹලා මේ දේ කළ නිසා මමත් එසේම නුඹලාට යහපත කරන්නෙමි.


තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,


මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්වීමි. ඔව්හුද: අපි නැගිට ගොඩනගමුයයි කීවෝය. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවිකර ගත්තෝය.


මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය.


එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනැවිත් ඔහුගේ හිස පිට ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දුන්නේය; ඔව්හු රජකමට ඔහු ආලේපකොට අත්පොළසන්දී: රජතුමා සැරදේවයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්