Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 2:27 - Sinhala Revised Old Version

27 යෝවාබ්ද: දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹ කථානොකෙළහිනම් සැබවින් සෙනඟ උදයේම තමුන්ගේ සහෝදරයන් ලුහුබැඳ නොගොස් හැරී යන්ට තිබුණේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ජෝවාබ් කතා කරමින්, “සැබැවින් ම ඔබ කතා නො‍කෙළෙහි නම්, සෙනඟ තමන්ගේ සහෝදරයන් උදේ වනතෙක් ලුහුබැඳ යන්නට ඉඩ තිබිණි යයි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ජෝවාබ් කතා කරමින්, “සැබැවින් ම ඔබ කතා නො‍කෙළෙහි නම්, සෙනඟ තමන්ගේ සහෝදරයන් උදේ වනතෙක් ලුහුබැඳ යන්නට ඉඩ තිබිණි යයි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 2:27
11 හුවමාරු යොමු  

ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.


අබ්නේර්: තරුණයෝ නැගිට අප ඉදිරියෙහි ක්‍රීඩාකෙරෙත්වයි යෝවාබ්ට කීය. යෝවාබ්ද: ඔව්හු එසේ කෙරෙත්වයි කීය.


මම සෑම කල්ම ස්වාමිදුවව සිටින්නෙමියි නුඹ කීවෙහිය. මෙසේ නුඹ මේ දේවල් සිතට ගත්තේවත්, එහි අන්තිමය සිහිකළේවත් නැත.


නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න, ගියොත්, අන්තිමේදී නුඹේ අසල්වාසියා නුඹ ලජ්ජාවට පත්කළාම, නුඹ කරන්නේ කුමක්ද?


සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිරවේ; ඥානවන්ත ගුරුකම් පිට යුද්ධකරන්න


මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.


මාගේ යුක්තිය වැලැක්වූ දෙවියන්වහන්සේද මාගේ ආත්මය ශෝකකළාවූ සර්වපරාක්‍රමයාණන්ද ජීවමාන බව සැබෑවාසේම,


දැන් මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත් වන බව සැබෑවා සේම, ලේ වැගිරීමේ අපරාධයෙන්ද ඔබගේම අතින් පළිගැනීමෙන්ද ස්වාමීන්වහන්සේ ඔබ වැලැක්වූසේක්මය, එබැවින් ඔබගේ සතුරෝද මාගේ ස්වාමියාට අන්තරාකරන්ට සොයන්නෝද නාබල් මෙන් වෙත්වා.


එවිට අබ්නේර් යෝවාබ්ට අඬගසා: කඩුව නිතරම විනාශකරන්ටද? එයින් අන්තිමේදී තික්තකම හටගන්න බව නුඹ නොදන්නෙහිද? එසේවී නම් තමුන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්ට කියා නුඹ කොපමණ කල් සෙනඟට අණනොකර සිටිනෙහිදැයි කීවේය.


එවිට යෝවාබ් හොරණෑව පිම්බේය, මුළු සෙනඟද නැවතුණේය, ඔවුන් තවත් ඉශ්‍රායෙල්වරුන් පස්සේ එළවාගන ගියේවත් තවත් යුද්ධකෙළේවත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්