Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:40 - Sinhala Revised Old Version

40 මෙසේ රජ මෙගොඩවී ගිල්ගාල්ට ආවේය, කිම්හාම්ද ඔහු සමඟ ආවේය. මුළු යූදා සෙනඟද ඉශ්‍රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක්ද රජු මෙගොඩට කැඳවාගන ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 මෙසේ රජ මෙගොඩ වී ගිල්ගාල්ට පැමිණියේ ය. කිම්හාම් ද ඔහු සමඟ ගියේ ය. මුළු ජුදා සෙනඟ ද ඉශ්රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක් ද රජු මෙගොඩට කැඳවාගෙන ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 මෙසේ රජ මෙගොඩ වී ගිල්ගාල්ට පැමිණියේ ය. කිම්හාම් ද ඔහු සමඟ ගියේ ය. මුළු ජුදා සෙනඟ ද ඉශ්රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක් ද රජු මෙගොඩට කැඳවාගෙන ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:40
6 හුවමාරු යොමු  

පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය.


ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.


සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි සෙනඟ විවාදකරමින්: රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා පිලිස්තිවරුන්ගේ අතින්ද ඔහුම අප ගළවාගත්තාහ; එහෙත් දැන් ඔහු අබ්සලොම් වෙතින් රටින් පලාගියේය.


අප කෙරෙහි අප විසින් පත්කරගත් අබ්සලොම්ද යුද්ධයේදී මැරුණේය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන නුඹලා නිශ්ශබ්දව සිටින්නේ මක්නිසාදැයි කීවෝය.


මාගේම නුවර මාගේ පියාණන්ගෙත් මාගේ මෑණියන්ගෙත් සොහොන්පළ ළඟ මා මැරෙන පිණිස ඔබගේ මෙහෙකරුවාට හැරී යන්ට අවසර ලැබේවා. නුමුත් ඔබගේ මෙහෙකරුවූ කිම්හාම්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ එගොඩ ගියාවේ; ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කළ මැනවැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්