Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:3 - Sinhala Revised Old Version

3 මක්නිසාද යුද්ධයේදී පලායන සෙනඟ ලජ්ජා සහිතව හොරෙන් එන්නාක් මෙන්, ඒ දවසේදී සෙනඟ හොරෙන් නුවරට ඇතුල්වුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මන්ද, යුද්ධයේ දී පලා යන සෙනඟක් ලජ්ජා සහගත ව රහසින් එන සේ ඒ දවසේ දී සෙනඟ රහසින් නගරයට ඇතුළු වුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මන්ද, යුද්ධයේ දී පලා යන සෙනඟක් ලජ්ජා සහගත ව රහසින් එන සේ ඒ දවසේ දී සෙනඟ රහසින් නගරයට ඇතුළු වුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:3
5 හුවමාරු යොමු  

බර්සිල්ලයි ඉතා මහලුව අසූ අවුරුද්දක් වයස්ව සිටියේය. ඔහු රජු මහනායිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයාදුන්නේය; ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙකි.


දාවිත් මහනායිම්ට ආයේය. අබ්සලොම්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද යොර්දානෙන් එගොඩට ගියෝය.


මාගේ පුත්‍රයන්ද දූවරුන්ද සිඹගන්ට මට අවකාශ නොදී, ප්‍රීතියද ගීතිකාද රබානද වීණාද ඇතුව නුඹ පිටත් කරන පිණිස මට නොදන්වා,


රජ තමාගේ පුත්‍රයා ගැන ශෝකවන්නේයයි ඒ දවසේ සෙනඟට සැලවුණු බැවින් ඒ දවසේ ඇතිවූ ජය මුළු සෙනඟට වැලපීමක් වුණේය.


රජ තමාගේ මුහුණ වසාගෙන: අනේ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, අනේ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය කියා මහත් හඬින් ඇඬුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්