Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:29 - Sinhala Revised Old Version

29 රජද: නුඹේ කාරණා ගැන තවත් කථාකරන්නේ මන්ද? නුඹත් ශීබාත් බිම බෙදාගන්න ලෙස මම කියමියි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 රජ පිළිතුරු දෙමින්, “ඔබේ කාරණාව ගැන තවත් කතා කරන්නේ කුමට ද? ඔබ ශීබා සමඟ දේශය බෙදාගන්න ලෙස මම තීරණය කරමි”යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 රජ පිළිතුරු දෙමින්, “ඔබේ කාරණාව ගැන තවත් කතා කරන්නේ කුමට ද? ඔබ ශීබා සමඟ දේශය බෙදාගන්න ලෙස මම තීරණය කරමි”යි ඔහුට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:29
11 හුවමාරු යොමු  

නුමුත් මේවා වනාහි වචනවල්ද නාමවල්ද නුඹලාගේම ව්‍යවස්ථාවද ගැන වාදවල් නම්, නුඹලාම බලාගන්න; මේ දේවල් ගැන මම විනිශ්චයකාරයෙක් නොවන්නෙමියි කියා,


අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.


යමෙක් ස්වකීය අසල්වාසියා ගැන රහසේ කේලාම්කියයිද ඔහු විනාශකරන්නෙමි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොඉවසන්නෙමි.


නුඹලා කොතෙක් කල් අසාධාරණ ලෙස විනිශ්චයකරමින් දුෂ්ටයන්ගේ තරාතිරම් සලකන්නහුද?


සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය, ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගන ආ කල: නුඹ ශීබාදැයි රජ ඔහුගෙන් ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඒයයි කීවේය.


එවිට රජ සාවුල්ගේ වැඩකාරයාවූ ශීබාට අඬගසා: සාවුල්ටත් ඔහුගේ මුළු වංශයටත් අයිතිව තිබුණ සියල්ල නුඹේ ස්වාමිහුගේ පුත්‍රයාට දුනිමි.


මක්නිසාද මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමිවූ රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූහ. එසේවී නමුත් ඔබගේම මේසයෙන් කන තැනැත්තන් අතරේ ඔබ ඔබගේ මෙහෙකරුවා සිටෙවුවෙහිය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්ට මට ඇති යුතුකම මොකදැයි කීය.


මෙපිබොෂෙත්ද: එසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ ගෙදරට සමාදානයෙන් ආ බැවින් සියල්ලම වුණත් ඔහු ගත්තාවේයයි රජුට කීවේය.


දාවිත් කථාකොට: භයනොවෙන්න. සැබෑවටම නුඹේ පියවූ යොනාතාන් නිසා මම නුඹට කරුණාව පෙන්වා නුඹේ පියවූ සාවුල්ගේ සියලු ගම්බිම් නුඹට නැවත දෙන්නෙමි; නුඹ වනාහි මාගේ මේසයේ නිතර කෑම කන්නෙහියයි ඔහුට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්