Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 18:7 - Sinhala Revised Old Version

7 එතැනදී ඉශ්‍රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝය, එදා මහත් මැරීමක් සිදුවී මනුෂ්‍යයන් විසිදහසක් මැරුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එතැන දී ඉශ්රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝ ය. එදා මහා ඝාතනයක් සිදු වී මිනිස්සු විසිදහසක් මළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එතැන දී ඉශ්රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝ ය. එදා මහා ඝාතනයක් සිදු වී මිනිස්සු විසිදහසක් මළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 18:7
12 හුවමාරු යොමු  

මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේත් රජුටත් භයවෙන්න; වෙනස්වන සුලු අය සමඟ සමාගම් නොපවත්වන්න.


අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.


රෙමලියාගේ පුත්‍රවූ පෙකා බලවන්තයන්ව සිටි එක්ලක්ෂ විසි දහසක් එක දවසේ යූදාහිදී මැරුවේය; මෙසේ වුණේ ඔවුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.


විනිශ්චය පිණිස රජු ළඟට ආ සියලු ඉශ්‍රායෙල්වරුන්ට අබ්සලොම් මෙයාකාර කොට, හොරෙන් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගත්තේය.


නුමුත් දාවිත්ගේ සේවකයෝ බෙන්යමින්වරුන්ගෙන්ද අබ්නේර්ගේ මිනිසුන්ගෙන්ද තුන්සිය හැටකට පහරදී මැරුවෝය.


එවිට අබ්නේර් යෝවාබ්ට අඬගසා: කඩුව නිතරම විනාශකරන්ටද? එයින් අන්තිමේදී තික්තකම හටගන්න බව නුඹ නොදන්නෙහිද? එසේවී නම් තමුන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්ට කියා නුඹ කොපමණ කල් සෙනඟට අණනොකර සිටිනෙහිදැයි කීවේය.


ඒ දවසේ සටන ඉතා බලවත්විය; අබ්නේර්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝය.


මෙසේ සෙනඟ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව පිටතට ගියෝය. සටන එප්‍රායිම් වනයෙහිදී සිදුවිය.


යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශවුණාට වැඩි සෙනඟක් වනයෙන් විනාශවුණෝය.


රජුන්ට ගැළවීම දෙන්නෙත් ස්වකීය මෙහෙකරුවූ දාවිත් හිංසා කරන කඩුවෙන් මුදාගන්නෙත් උන්වහන්සේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්