Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 18:27 - Sinhala Revised Old Version

27 මුරකාරයාද: පළමුවෙනි අයගේ දිවීම ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ්ගේ දිවීම වාගේ මට පෙනේයයි කීවේය. රජද: ඔහු යහපත් මනුෂ්‍යයෙක්ය, හොඳ ආරංචි ඇතුව එන්නේයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මුරකාරයා ද පළමු වන මිනිසාගේ දිවීම ශාදොක්ගේ පුත් අහීමයාශ්ගේ දිවීම හා සමාන බව මට පෙනේ ය”යි කීවේ ය. රජ ද, “ඔහු යහපත් මිනිසෙකි. යහපත් ආරංචි ඇතිව එන්නේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මුරකාරයා ද පළමු වන මිනිසාගේ දිවීම ශාදොක්ගේ පුත් අහීමයාශ්ගේ දිවීම හා සමාන බව මට පෙනේ ය”යි කීවේ ය. රජ ද, “ඔහු යහපත් මිනිසෙකි. යහපත් ආරංචි ඇතිව එන්නේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 18:27
7 හුවමාරු යොමු  

මුරකාරයාද: ඔහු ඔවුන් ළඟට පැමුණුණ නුමුත් නැවත නොඑන්නේය. දැක්කීම නම් නිම්ෂීගේ පුත්‍රවූ යේහුගේ දැක්කීම වාගේය; මක්නිසාද ඔහු වේගයෙන් දක්කන්නේය කියා දැන්නුවේය.


ඔහු කථාකරද්දීම අබියාතර් පූජකයාගේ පුත්‍රවූ යොනාතාන් ආයේය. එවිට අදොනියා කථාකොට: ඇතුළට එන්න; නුඹ විශ්වාස මනුෂ්‍යයෙක්ය, නුඹ හොඳ ආරංචි ගෙනෙනවා ඇතැයි ඔහුට කීවේය.


(සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.


ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!


දුර රටකින් ලැබෙන හොඳ ආරංචි පිපාසා ඇත්තෙකුට ඇල්වතුර මෙන්ය.


විශ්වාස පණිවිඩකාරයා තමා යවන්නන්ට ගොයම් කපන කාලයේ හිමේ ශීතල මෙනි; ඔහු තමාගේ ස්වාමිවරුන්ගේ ආත්මය ප්‍රාණවත්කරන්නේය.


මුරකාරයා තවත් මනුෂ්‍යයෙකු දුව එනවා දැක දොරටුපාලයාට අඩගසා: තව මනුෂ්‍යයෙක් තනියම දුව එන්නේයයි කීවේය. එවිට රජ: ඔහුත් ආරංචි ගෙනෙන්නේයයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්